රිදවන්න නොහැකියෙන්
ඔබේ හිත වදනකින්
ඉවසා උනිමි
බොහෝ දේ
අප වටා සිදුවන
ඔබ ගියා නිදහසේ
ඔබට රිසි ලෝකය සොයන්
මා උන්නු බව අමතක වුණා
රැවටිලි, නින්දා, චාටු බස්
ඉවසා දරා උන්නත්
සෙනෙහෙ ඇතියෙන් නුඹට
විශ්වාසය විසුණු කොට
රිදවා තලා පෙළා මා සිත
මටම චෝදනා කළත්
ඉවසුවා මම
වදනකුදු නොපවසා
තැලේවියැයි සියුමැලි හද ඔබේ
නිහඬවම උන්නෙමි
සෙනෙහෙ ඇතියෙන් නුඹට
මට දැන් වෙහෙසයි
සොඳුර..!!
විඩාවයි
සොඳුර.!!!
සැතපෙන්න ඔය උකුළ
මත මාගෙ හිස තියා
අවසර ගත යුතුද ඔබෙන්
මට දැන් විඩාවයි සොඳුර.....!!!
මට දැන් වෙහෙසයි සොඳුර...!!
අභිනිෂ්ක්‍රමණයට කාලයයි..
ඔබගෙන්..!!
^සූ
ඔබේ හිත වදනකින්
ඉවසා උනිමි
බොහෝ දේ
අප වටා සිදුවන
ඔබ ගියා නිදහසේ
ඔබට රිසි ලෝකය සොයන්
මා උන්නු බව අමතක වුණා
රැවටිලි, නින්දා, චාටු බස්
ඉවසා දරා උන්නත්
සෙනෙහෙ ඇතියෙන් නුඹට
විශ්වාසය විසුණු කොට
රිදවා තලා පෙළා මා සිත
මටම චෝදනා කළත්
ඉවසුවා මම
වදනකුදු නොපවසා
තැලේවියැයි සියුමැලි හද ඔබේ
නිහඬවම උන්නෙමි
සෙනෙහෙ ඇතියෙන් නුඹට
මට දැන් වෙහෙසයි
සොඳුර..!!
විඩාවයි
සොඳුර.!!!
සැතපෙන්න ඔය උකුළ
මත මාගෙ හිස තියා
අවසර ගත යුතුද ඔබෙන්
මට දැන් විඩාවයි සොඳුර.....!!!
මට දැන් වෙහෙසයි සොඳුර...!!
අභිනිෂ්ක්‍රමණයට කාලයයි..
ඔබගෙන්..!!
^සූ
(Y)
ReplyDelete