Saturday, October 11, 2014

වර්ණයක් නැති ජීවිතේ ...!


වර්ණයක් නැති ජීවිතේ
නැවතුමක් නැති ජීවිතේ
හැපී නවතින තෙක් කොහේ හෝ
පාවයන නිල් වලාකුළක් සේ
අපි ඔහේ යනවා......


සුළං ‍රැල්ලට ගසාගෙන යන
පරඬලා පතක් වගේ
හමන හමන අතට දුවන
හතිනොවැටෙන ගමනේ
හැපීනවතින තෙක් කොහේ හෝ
අපි ඔහේ යනවා...

කුණා‍ටුවකින් රුවල් ගිලිහුණ
හුදෙකලා ඔරුවක් වගේ
පාවෙන අතට යනුමිස
යා යුතු මගක් දෙසක් නොදැනෙන
ගසා යනතෙක් බලා ගොඩබිම
අපි ඔහේ යනවා...

පරක් තෙරක් නැති ජීවිතේ
වර්ණයක් නැති ජීවිතේ
නැවතුමක් නැති ජීවිතේ....

^සූ 

No comments:

Post a Comment

hi