නොලී කවියට තාලයක් මම
කියන්නේ කොහොමද
උපන් සෙනෙහස
හදේ ගුලිකර හිඳින්නේ කෙලෙසද
ඈත දුර සිට ඔබේ සෙනෙහස
විඳින්නට බැරුවද
මට දුකක් යැයි කියා ඔබ මා
අතැර දුර යනවද
නෙතට නොදකින ඔබේ රූපය
සිතින් මා විඳිනා
සෙමින් මුමුණන රහස් පවසන
හඬට සිත බැඳුණා
හිතින් හිතකට බැඳුණු සෙනෙහස
මහමෙරක් වටිනා
ඔය ඇස් මං මුලා කරනා
නොලී කවියක .....
හීන මගහැර රෑ පුරා හිඳ
දකින ඒ හීනේ
මහා කතරට පිනිබිඳක් වෙද
මා දුන්නු සෙනෙහේ
හදේ ගැඹුරට දැනෙන සෙනෙහස
මගහරිනු බෑනේ
ඔබ ළඟ සැනසුමයි ඕනේ.....
නොලී කවියක .....
^සූ
No comments:
Post a Comment
hi