Showing posts with label අනරුත් කවි. Show all posts
Showing posts with label අනරුත් කවි. Show all posts

Thursday, October 23, 2014

වැස්ස.....



මහා ගර්ජන
හඬට බියවී
බිඳුණදෝ හිත
සැනසුම
අඬනවා නුඹ

Sunday, October 19, 2014

වරද්දන්නට නම් ..!

වරද්දන්නට නම්
නුඹට මග
හුඟ ඇති යන
මග බලාගෙන
එකෙක් උන්නොත්
පාර පෙන්වන

Monday, October 13, 2014

ගුරු දෙවියෝ ..!


රළු මුත්
වැලි කරදහි

මල්..!

පොදුවේ සියල්ල මල්ය
දුක් දෙන්න ඇති
හුඟක්
පෙර කලෙක
සමනල,
මී මැසි, බමරුන්
සේපාලිකා මල්
නෙළන්නේ නැත
වැටුණු මල්
පුදනවා මිස..
නිවෙනට 
දැවෙන 
නිවන නිවෙන
මගම යනෙන 
නොදැන නියම 
මගම දුවන 

පමා නැත විමුක්තිය


මරු තුරුළු කර
ගෙවන ජීවිත
සැණෙන් බි‍ඳෙනා
දිය බුබුලු මෙන
එහෙව් ලෝකෙක
අනුන් පාග
ලබන ජයකින්
කුමක් ලබමුද..?

Sunday, October 12, 2014

ප්‍රේත වත්තු..!


ප්‍රේත වත්තු
පින්තූරයක් නොපෙනෙන
අදෘශ්‍යමාන භූත ප්‍රේත
ප්‍රොෆයිල්

Saturday, October 11, 2014

බඹරු ..!

පෙති තලන රොන් උරන
බඹරු ඇතුවා සේම
තටු සිඳින දිවිනසන
මලුත් ඔය'තර තියෙනවා

නෙත් කෙවෙනි මත..!

නෙත් කෙවෙනි මත
නලියයි
තවමත් කඳුළු කැට..
දෑස ඉදිමී
රිදුම් දෙයි හිස..
ඉහිලුම් නොදෙන
වේදනාවෙන්
දැවෙයි මා
සිරුර තුළ..
තියුණු තුඩුවලින්
අනින්නාක්මෙන්
රිදුම් දෙයි,

ටිකක් පරණයි
ඒත් තරුණයි
තාම බොරු නයි
හොඳට හඳුනයි...


^සූ

"ශ්‍රී සිද්ධාර්ථ"


අඩ අඳුර තුළ
සුමුදු දෙතොලක
සුවඳ කෙසක
සුසුම් පොදක
මුදු තිඹිරි
යුවල'තර
පසක් කර
සත්‍යය
අත් හැර
දුක් වේදනා
දුක් දෙන
අතීතය
අබිනික්මන් කළෙමි

Sunday, August 25, 2013

රමණය කළෙමි....

මා කීපවිටක්
ඈ සමඟ
රමණය කළෙමි
වෙරළේ , ගෙවත්තේ
නිදන කාමරයේ
කුස්සියේ පාවා
රමණය කළෙමි
ලන්ඩනයේ, පැරීසියේ
චීනයේ රුසියාවේ
අඳුරු අහුමුලු වල
මහත් අභිරුචියෙන්
රමණය කලෙමි.

මලින් දුමින් පිදෙමි...!!!


සැහැල්ලුව
පියාසලමි
වලාකුළක සැතපෙමි
පිනි පොදකින්
පවස නිවා ගමි
අනන්ත අහසේ
සැරිසරමි
ගිරි හෙල්ද
වනමල්ද මවමි
අනන්ත වූ අවකාශයේ
ඈතට ඈතට
දුවමි

රත් වන් නෙලුමක සුදුමැලිව මිය යෑම......!!!


බදා මා ගත වෙලා
සෙනෙහස් ‍රැහැනින්
සිරකොට
ඉර මුදුන් වූ
කට්ට අව්වේ
සි‍ටුවා මා
ජීවිතේ අතර මග
බල නහරය
කැපූ ඔබෙ ආදරය...

Wednesday, July 3, 2013

ලකර ළඳුනි.........


සවන් මිණිකොඬොල් පළඳින
නුවන් නිලුපුලෙව් බබළන
පවන් සලන ඝන චාමර
මේඝය වරලස්
නළල් සදිසි, දුල් සඳකඩ
සිහින් ළසඳ මුව මදහස
ලෙවන් තුළ උදුල රණ ලිය
සෙරෙහි සදිසි මන්,

Thursday, June 20, 2013

නොපිළිගත් ආත්මය නොහොත් අපේ ප්‍රේමය....!!


දේදුන්නෙ පාට හත
ගලපන්න ඔබ ගාව
සඳවතිට නොවේ මා
පෙම් බැන්දෙ ළාහිරුට

ලෝ දහම මත නොනැඟි
ප්‍රේමයයි මා ඔබේ
හදට හදවත බැඳුණු
ආත්මීය ප්‍රේමයයි

Thursday, May 30, 2013

කාන්තාරයේ කුසුම.....!



රුවින් ගුණෙන්
හෙබි වැලි කතරක 
සුපිපුණ කුසුමකි ..... මා
සමනල පහසක්
නොලබපු, 

රිදවුවද කම්නැත, 
පෙති තැලුවද
කම්නැත,

Thursday, April 25, 2013

නිහඬතාවය....හරිම මිහිරී....!!!


මලක් ගැහුවමනම්
මම ඔයව
හම්බවෙන්න
ආසයි...
මතට හීනිවෙච්ච
ඇස් වලින්
ඔයා දිහා බැලුවම
ඔයා අහනව..

"ඇයි ඔය විදිහට
මාදිහා බලන්නෙ"

"ඒ ඔයා ගැන
තියෙන ආදරේට"