Showing posts with label ෆැන්ටසි කවි. Show all posts
Showing posts with label ෆැන්ටසි කවි. Show all posts

Friday, November 27, 2015

පහන් කන්දක්
අසළ
කදෝපැණියෙකුට
කොහෙද ඉඩ
දිළිහෙන්න...!

^සූ

කුහුඹුවා ..!

සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ

^සූ

මැරුණු කඩුපුල..!

මැරුණු බව
දන්වා එවී
සුළඟ අත
රැයේ ඉපැදුණු
සුවඳ කඩුපුල

දකින්නටවත් නොවී සමුගත්
දුකට හැඬුවේ
හිම්දිරි සියොත් කැළ...!

^සූ
වට වැහි බිඳත්
බෙහෝ කලකින්
වහා ගිලගති
මහා පොළොවම
පිබිදිය යුතු නිසා 
නැවුම්
තණපත්...!

^සූ
පිපාසෙට
පැණි බිඳක් බිව්වට
සිතුවෙ නෑ
තලන්නට පෙති
අත් වැරැද්දට 
සමා දිය හැකිද?

^සූ

Monday, October 13, 2014

සඳ එන්න ..!

සඳ එන්න
මා සමඟ
මේ නිශා යාමයයි
පිනි වැටුණු නිල් තණපත්
මත වැතිර මදක් ඉමු

Saturday, October 11, 2014

ඔබ...!!


රාත්‍රිය වන්න
රිදුම් දෙන හදට
විරාමය කැන්දන..
සහන් එලියක් වන්න
දැඩි අඳුර දුරු කරන..
තනිතරුව වෙන්න
පෑල දිග නුබ කුසට
පෙම්බඳින..

Sunday, August 25, 2013

ඇහි පිල්ලමක් උඩ ....


ඇහි පිල්ලමක් උඩ
නවතින්න
ඉඩ දෙන්න
ඔබෙ දෙතොල්
මත හැපී
මිය යන්න
ඉඩ දෙන්න

Thursday, June 13, 2013

මවෙතින් පලායන්න....!!!

 දෙනෙත් මත පොපියන්න
දෙතොල් මට දැවටෙන්න
සුසුමක්ව සනසන්න
දෑත්මත මියයන්න
රළු ක‍ටුක ප්‍රේමයක්
ඉල්ල ඉල්ලා
අසල දැවටෙන,
කඩුතුඩක් මත ‍රැ‍ඳෙන
හදවතක සිත රඳන
මා,

Monday, March 11, 2013

ධූම කේතුවක්

චක්‍රාවාටයේ සැරිසරා
මං හෙව්වා
ධූම කේතුවක්
සැම කල් නොදකින
සැම කල් නොපෙනෙන
වල්ගාතරුවක්
පාවී ඈත අවකාශයේ
ඉගිල ගියා
මං තනිවම....

Friday, March 1, 2013

මා හිරුය ඔබ සඳුය

මා හිරුය ඔබ සඳුය
එක විටෙක හමු නොවෙන
මා සරතැසය ඔබ මදනලය
එක තැනෙක නොම ‍රැ‍ඳෙන
මතු මතුත් පතමි
ඔබ කුසුම
මා සුවඳ වන්නට

Sunday, November 4, 2012

දොඩමළුව..!

හමුවෙමුද
අදත් ?
මී බිඳක් තොලගාමින්
පෙම්බස් දොඩන්න
පෙරදින හමුවූ
සෙව්වන්දිය මතම

Sunday, January 22, 2012

ආයාචනය...


පිපෙන්නට ආසන්නව තිබූ
කුසුම
න‍ටුවෙන් කඩා
බිම හෙළූ සැඩ සුළඟ
මා ඔබට
දොස් නොකියමි
ඒත්,

"ආදරය"


චණඩ මාරුත දෙකක
හැපී
රුවල් බිඳගෙන
සුනුවිසුණු වූ මා....
එහෙත්,
රළ....