Tuesday, October 21, 2014

උදෑසන..!

අපට නොහැඟෙන
අපට නොදැනෙන
බසින්
අප නොලී  කවි
අප නොදත් කවි
ඔවුන් ගයති
මිහිරි හඬින්
වසන්තයේ සුවඳ
මල් පිපි
අතු පතර සිට

පියාපත් මත වැටුණු
පිණි ගසමින්
නටති තුටින්
නැගෙන ළහිරු කිරණ
බේරි බේරි පත් අතරින්
රන් පැහැ
තවරයි පින්නෙන්
පෙඟුණු තුරු පත් මත.
තෙත බරිත
තණපත් මත
දිලෙන රිදීවන්
පිනි බිඳු
බියෙන් මෙන් නලියයි
හිරු රැසට
සිහිල් මද පවන
රෑගෙන එන
රුක් අත්තන
මල් සුවඳ
සමඟ
සිහින් හිරිපොද
සිසිලසින් අලවයි
මා ගත.

^සූ

No comments:

Post a Comment

hi