Sunday, October 12, 2014

වෙසක් සඳ නැග එන්න..!

වෙසක් සඳ නැග එන්න
තවත් ටික කාලයයි
වසන්තය ගේ අවට
මටම ඔච්චම් කරයි


බක් මහේ අකුණකට
මගේ හිත ගිනි අරන්
ඔබ ළඟට මා එන්න
තිබුණෙ මේ ටික දොහයි...

කොහෙන්දෝ හමා ආ
අවිශ්වාසයෙ සුළඟ
අපම එක් වී තැනූ
ලෝකයම බිඳ හෙලා
ඔබත් අරගෙන ඇත
ආකහේ ඉගිලිලා

හදිසියේ නින්දකින්
අවදිවූ විලාසෙන්
ඔහේ මං දුර ඈත
බලාගෙන හිඳින්නෙම්..

හිතාගන්නට බැරිව
හදාගන්නට බැරිව
සුණු විසුණු වූ සිතක
දුක මමම විඳින්නම්...

^සූ

No comments:

Post a Comment

hi