Saturday, October 11, 2014

කාත් කවුරුවත් නැතිව මගේ ළඟ..!


කාත් කවුරුවත් නැතිව මගේ ළඟ
මාත් මගේ හිතත්
තැවි තැවි උන්නා
හදිස්සියෙන් නුඹ මට හමුවුණ දින
ඝණඳුරු මැද සඳ
විලසින් දිලුණා


නුපුරුදු සෙනෙහස
සුපුරුදු කළ නුඹ
වසන්තයම දෝතින් ගෙන දුන්නා
මගෙ ලොව ඔබ නිල් දෙනෙතේ මෑවුණා
ලොවම තුරුළු කර
මා සුව වින්දා

ආත්මයම ඔබ වෙත පුද දුන්නා
හිරුද සඳුද එක වර බැසගිය ලෙස
මාත් මගේ සිතත්
අන්දුරේ ගිලුණා
ඔය නෙත් මා සතු
නැති බව දැනුණා

^සූ

No comments:

Post a Comment

hi