Saturday, October 11, 2014

මුණගැහුණු මුල් දවසෙ .!


මුණගැහුණු මුල් දවසෙ
දු‍ටුවාද දේදුන්න
රොන් පිරුණු සුවඳ මල්
අතවැනුවෙ මට එන්න
ඔබෙ සුරත අරගත්තෙ
හුඳක්දුර මම යන්න
එහෙත් අද දොස් නගන
වරද මට පවසන්න
ඒ පාට දේදුන්නෙ
පාට හත උදුරගෙන
මං හැදුවෙ නුඹෙ ලෝකෙ
ඒ පාට තවරන්න
අතීතයෙ ඝණ අඳුරු
අපේ ලොව ගිලගන්න
හැටි බලා මට වුණේ
හැමදාම දුක් වෙන්න

අදත් අප සමුගන්න
තැන තිබුණ දේදුන්න
පවසන්න හැකිද අදවත්
පාට ගැනගන්න.
ආයෙමත් මම එනව
ඔය මූණ දැකගන්න
ආදරේ නෑ නේද ?
තව වරක් පවසන්න

^සූ

No comments:

Post a Comment

hi