Saturday, October 11, 2014

හෙන්දිරික්ක මල් පිපේවි ..!


හෙන්දිරික්ක මල් පිපේවි
කහ පාටට රතු පාටට
සියොතුන් ගී නාද දේවි
මිහිරි හඬින් හෙමින් හෙමින්
සැඳෑ ඉරත් බැහැල යාවි
ලොවි පාටින් අවර දිගින්
මා නුඹෙ සුවඳම සොයාවි
හමනා මද නළ අතරින්


හෙමින් හෙමින් නැළවි නැළවි
සඳවතියත් මෝදුවේවි
හීන් පින්න මල්පෙතිමත
සුමුදු රටා මවා දේවි
සඳ එළියට කිරි බබළන
ගංදිය ‍රැළි හාදු දේවි
ඔය හිතළඟ දැහැන්ගතව
සෙනෙහෙන් හද පිරී යාවි.

හඳත් සමඟ නින්දටයන
පියුමක් තුළ නතර වෙන්න
බමරි පැටික්කිට අවසර
මගෙ හද කුටියට වඩින්න
ඉරත් සමඟ නිදිගැට හැර
පියුම් පිපෙන්නත් ඉස්සර
මා තනිකර එ' මලින් නුඹ
එපා සැනින් පැන දුවන්න

^සූ

No comments:

Post a Comment

hi