Saturday, October 11, 2014

හිත රිදෙන දුක දැනෙන ..!


හිත රිදෙන දුක දැනෙන
හතිවැටෙන ආදරේ
මට දැනෙන හද ගැහෙන
දුක් විඳින ආදරේ


මම හොයපු කල්බලපු
හිරිවැටෙන ආදරේ
මං ලැබුණු පසු දැනුණෙ
නැති පුදුම ආදරේ

ළඟ උන්නනම් දැනෙයි
මගෙ තියෙන ආදරේ
ගල්ගැහුණු හදවතක
උණුහුමයි ආදරේ

^සූ

No comments:

Post a Comment

hi