Friday, March 1, 2013

පෙම්බර ගුරු මෑණියනි..


ශිල්ප සතර දී අප සනහන්නට
දිවා‍රැයේ වෙහෙසී
අලුයම අරුණලු නැගෙන පැයේ
සිප් කිරි පෙවුමට පා නගනා
පෙම්බර ගුරු මෑණී
ඔබ යන මහමග පියුම් පිපේවා
ගුරුමව් සරස්වතී


හෙළ බස සාහිත පරතෙර දැක්වූ
අමාවතුර බුත්සරණ ඉගැන්වූ
හිස පිරිමදිමින් ගුණදොස් පෙන්වූ
දෙවැනි මවුනි වඳිමී පායුග
හද ගුරු බැති පෙමිනී.......


යා යුතු හරිමග දක්වා නිරතුරු
මග සළකුණු පෙන්වා මඟ ඇරලූ
අප ජය ලද දින පිරි කඳුළින් නෙත
යලි හිස අත ගා අසිරි දෙවූ
මවුනි උතුම් ගුරු පුදමි සිතින්
සදා හදේ පිරි මව් සෙනෙහෙන්


^සූ

No comments:

Post a Comment

hi