සුවඳ දැනුණ ආදරයක
හිත හංගන් උන්න කලක්
ජීවිතේම ඔබට දීල
බලං උන්න සතුටින් මං
මගේ හුස්ම පොද ටිකටික
අරගෙන ජීවය අරගෙන
අතර මගක අත හැරියා
ගොඩක් දුරක් අරන් ගිහින්
ඔයා ගියපු පාර පුරා
ඇස් දිව්වා දහස වරක්
අතර මංව මං මා තුළ
විඳෙව්ව දස දහස් වරක්
අතීත්යේ මං ඔස්සේ
එහාමෙහා ඇවිද්ද මං
ඔබේ සුවඳ
හැම තැනකම
හීනෙන් රස විඳාමං
රතුවුණු මගෙ රිදුණ දෑස
කඳුළු වියැලිලා නෑ තව
කාලය කොතරම් ගෙවුණද
තාමත් මග බලනව මං
හැඳෑවට ඔබ එනමඟ
තාමත් රැක ඉන්නවමං
මේ කිසිවක් ඔයා තවම
හරි හැටි දන්නැතිවැති තව
දන්නවනං මා බලන්න
ඔයා හනික එනවාමයි
මං දන්නව ඔයාගෙ ගැන
ඔයාව මට විශ්වාසයි........!!!!!!!
^සූ
No comments:
Post a Comment
hi