පාළු අහසෙ කිරිපාට
හඳ මහමුහුදෙ
දිය වෙවී
කිරි පැහැ කරයි
රැලි දිය.......
හාත්පස හෝ හඬ
සංසුන් සුළඟ
වෙලයි සියොළඟ
තනිකමින්
ප්‍රදීපා ගාරයෙන් ඈතට
දුවන විදුලි
ධාරාව පසුපසින්
එළියේ සොයයි
ඔබෙ රූපය
නිසල ගල්තලය
මත සිට,
නිසල දියඹේ නිහඬ
ජලතල නුඹගැන
සඟවාත් රහස
පවසන තුරු බලා හිඳිමි
විටෙක අඳුරු සෙවණැලිමතින්
නැග එන බැරෑරුම් රූපය
පෙනෙයි බොඳව
රෑ අඳුරෙ
දැනෙන සැර අරක්කු
සුවඳ, වේගයෙන්
උස්පහත්වන සුසුම්
හිත තාමත් ඉවාල්ලනව
මේ පපු කැනැත්ත
උඹව හොය හොය කෑගහනව
පිටට නොපෙන්නුවට
හිතේ ගෝසාව
මහමුහුදෙ ගෝසාවට
දෙවනිනෑ.....
උඹ එන්නෙනෑ
මම ඒත් බලන්
ඉන්නව තට්ට තනියම........!!!!
^සූ
හඳ මහමුහුදෙ
දිය වෙවී
කිරි පැහැ කරයි
රැලි දිය.......
හාත්පස හෝ හඬ
සංසුන් සුළඟ
වෙලයි සියොළඟ
තනිකමින්
ප්‍රදීපා ගාරයෙන් ඈතට
දුවන විදුලි
ධාරාව පසුපසින්
එළියේ සොයයි
ඔබෙ රූපය
නිසල ගල්තලය
මත සිට,
නිසල දියඹේ නිහඬ
ජලතල නුඹගැන
සඟවාත් රහස
පවසන තුරු බලා හිඳිමි
විටෙක අඳුරු සෙවණැලිමතින්
නැග එන බැරෑරුම් රූපය
පෙනෙයි බොඳව
රෑ අඳුරෙ
දැනෙන සැර අරක්කු
සුවඳ, වේගයෙන්
උස්පහත්වන සුසුම්
හිත තාමත් ඉවාල්ලනව
මේ පපු කැනැත්ත
උඹව හොය හොය කෑගහනව
පිටට නොපෙන්නුවට
හිතේ ගෝසාව
මහමුහුදෙ ගෝසාවට
දෙවනිනෑ.....
උඹ එන්නෙනෑ
මම ඒත් බලන්
ඉන්නව තට්ට තනියම........!!!!
^සූ
No comments:
Post a Comment
hi