වහිනවට මං
හරි ආසයි, ඒ වැස්සෙ හඬ මට පුදුම තරම් සුන්දරත්වයක් හිතට අරගෙන එන්නෙ, වෙනදට මං
වහිනකොට ඇස්දෙක පියාගෙන මුළු හදින්ම වැස්ස එක්ක අවනතවෙලා සංගීතයක් වගේ දැනෙන ඒ හඬට සවන්දෙනව.. පුදුම සතුටක්
සැහැල්ලුවක් හිහට දැනෙන්නෙ.
ඒත් ඒ සතුට සැහැල්ලුව මගේ හිතින් යන්න ගිහිල්ල . දෙනොදාහක් ගැවසුණ කුරුටු මතක ඉතිරි කරල ගිය හොස්ටල් කාමරේ, කවදාවත් මට
තනියක් නොදැනුණ කාමරේ, මහා මූසලම
මූසල පාලුවකින් පිරිල. හිතට දැනෙන වේදනාව තවතවත් හන්තානෙ හීතල
වැඩිකරනවා. මේ සරසවිය පුරාවටම ඔයා මට ඉතිරි කරපු මත , බලන බලන තැන මාව අරගෙන යන්නෙ ඔයාගෙ ළඟටමයි. ඒ මතක තව තවත්
මාව වේදනාවේ පතුළටම ඇදගෙන යනවා.
මම ඉවසගන්නම බැරිතැන දිගට වැවිල
තිබ්බ කොණ්ඩෙ වැරෙන් ඇදගෙන ඇදගෙන ගියා.
ඇඳෙන් නැගිටල ගිහින් පුළුවන් තරම් හයියෙන් කාම්රේ බිත්තියෙ ඔලුව හප්පගෙන හප්පගෙන ගියා, නිලංකාරවෙන
දෑස් අතරෙත් මට මැවිල පේන්නෙ ඔයාගෙ රූපෙමයි, ඒත් මං තව
තවත් ඔලුව බිත්තියෙ හප්පගෙන ගියෙ මුළු හොස්ටල් එකම දෙදරන්න. ඒ එක්කම මට වාරු නැතිව එහෙමම බිම
ඉන්දවුණා... ඔලුව පුපුරු ගහද්දි එලියෙ වැස්ස
වගේම සැරට ඇස් දෙකෙන් කඳුළු කඩන් වැටුණ. මට ඒත් වේදනාවක් දැනුණෙ නෑ ඊට වඩා මගේ හිතේ තිබ්බ ගින්දර ගිනි කඳක්
වගෙ ඉහලට මතුවෙමින් මාව ගිලගනිමින්
තිබුණ , මේ සේරම මගේ වැරැද්ද........... මං ආයාසයෙන් නැගිටල අමාරුවෙන් ඇඳට නැගල ඉඳගත්ත.... දැස්දෙකේ පිරෙන කඳුළු
කම්මුල් දිගේ ගලාගෙන හැලුණා .. ඒ
කඳුළු වල මට දැනෙන්නෙත් ඔයාගෙ උණුහුම. වැඩිවෙන වේදනාවත් එක්කම මං තදකරල ඇස්දෙක පියාගත්ත..