Thursday, June 13, 2013

මවෙතින් පලායන්න....!!!

 දෙනෙත් මත පොපියන්න
දෙතොල් මට දැවටෙන්න
සුසුමක්ව සනසන්න
දෑත්මත මියයන්න
රළු ක‍ටුක ප්‍රේමයක්
ඉල්ල ඉල්ලා
අසල දැවටෙන,
කඩුතුඩක් මත ‍රැ‍ඳෙන
හදවතක සිත රඳන
මා,


ඔබට පවසන්නේ
පලායන්න ඈතකට
සෙව්වන්දියකට
නොතරම්
ගොරහැඩි
ගොරෝසු
නොසැලකිලිමත්
කාෂ්ටක ආදරයක්......!!!!

^සූ

No comments:

Post a Comment

hi