Showing posts with label විරහ කවි. Show all posts
Showing posts with label විරහ කවි. Show all posts

Friday, November 27, 2015

ඔබ හැර !

ඔබ නිසා
වින්ද දුක
සෝ සුසුම්
කඳුළු බර
ඔබට හැර
තවෙකෙකුට
කියා සතුටක්
ඇතිද
ඔබ නැතිව
ඔබට හැර
ඔබ දුන්නු
මේ ගින්න
නිවාලනු
හැකි අයෙක්
මේ දියත
කොහි ඇතිද?

^සූ

අවරෝධිත ප්‍රේමය

විදි ගැහැට
ප්‍රේමයෙන්
දරන්නට නොහැකියෙන්
විටින් විට
දිගු කලක්
යටි සිතේ සැඟවූ
සුන්දරම සිතිවිල්ල
හුදෙකලා වියෝගය
මවන දුක් අඳුරක්ව
දිනෙන් දින
ටිකින් ටටික
මා වෙලයි අඳුරකින්
පියවි සිහියද රැගෙන
ඉවත යයි මා කෙරෙන්
මධු විතයි
දුම් රොදයි
දෙමිතුරන් පමණකිය
තවත් මට ආදරෙන්
මා අසල
රැඳෙන්නේ...
ප්‍රේමයත් ප්‍රේමියත්
කොතැනකද
සිටින්නේ....!

^සූ

වේදනා... !

 එකක් පසුවට එකක්
කිසි දිනෙක සමුනොගත්
වේදනා මහ ගොඩක්
නිදි නොලද දිගු රැයක්

හැඟුම් තරු කැන් මිටක්
තුටින් තුරුළට කරන්
සැතපෙන්න හීනයක්
තිබුණු පෙම්බර හදක්

කඳුළකට උල්පතක්
සුසුම් සැඩ මේඝයක්
හද මහා ගිනි ගොඩක්
නිරය සැප ඇති හුඟක්

^සූ

පිරිමින්ගේ ගෑනු හිත්

හද බරට පිට පනින
කඳුළු කැට රහසේම
මුළු රෑම පිසදාන
දහවලට හිනැහීම..

තුටු මූණ පෙන්වාන
හුදෙකලා නැවතුමක
කප්පරක් දුක් විඳින
කිසිවෙකුට නොම පේන
කිසිදාක හෙළි නොවන
පිරිමින්ගේ ගෑනු හිත්..!

^සූ

මියැදුණු ආත්මය

සියතින්ම ළය පලා
මියැදෙන්න තරමටම
දිවෙන දුම්රියක වැද
කැබලිවන තරමටම
හදවතම කකියවන
දුකට නැවතුම් කොහිද?

කාටවත් නොම පෙනෙන
මහ පොළොව නුඋහුලන
හිතේ බර වෙන කෙලෙස
ලේසියෙන් දුරලම්ද?

සාගරය අසළ හිඳ
හඬ හඬා මහ හඬින්
දුක කීතුකර ඉරා
හරින්නට මට හැකිද?

මූසලයි පාළුවයි
ඇස් පහුරුගානකොට
දිය නොකර කඳුළුබර
විඳදරන් සිටිහැකිද?

හිරි වැටුණු දෙපා යුග
ගාටමින් මට තනිව
සඳ එළිය මත තනිව
පා නගා යා හැකිද?

ජීවිතය මට නැතිව
ජීව හුස්මක් නැතිව
මිය ඇදුණු ආත්මෙක
තවත් ඉන්නට හැකිද?


^සූ

වියෝව .... !

සුසුම් පවන් මැද
මගේ ළඟින් හිඳ
වගේ වගක් නැත
ඔබ සමඟ කතා බහ

හදේ ගැහෙන නද
ඔබ ඔබේ කියාගෙන
මට තවත් ළංවුණා
දෑතින්ම බදා බඳ

ඔබෙ සුමුදු කොපුල් තල
වැදි වැදී දෙතොල මත
මුනු මුනු නද දුන්නා
සවනතට ළංව හිඳ

පෙර මගේ කියා ඔබ
අද මගෙන් දුරක හිඳ
ඔහු හා සුවවින්දා
මගෙ දෙනත් ඉදිරි පිට

^සූ

ඉඩ හරිනු මැන

සියුම්කම්පන
නහර වැල් තුළ
නගන රාවය
සොයාගනු මැන

හදක තෙරපෙන
සුසුම් පොදකට
තෙරපි තෙරපී
ඉන්න දෙනු මැන

නෙතින් වෑහෙන
හැඟුම් බිඳකට
කොපුළ මත හිඳ
ගිමන් නොම හැර

දකින්නට පෙර
තවත් දෙනෙතක්
සැඟව යන්නට
ඉඩ හරිනු මැන


^සූ
ඔබේ දුක ඉදිරියේ
දොඩමළු වූ හිතම
මගේ දුක ඉදිරියේ
ගොළුව ගල් ගැහුණාද ?

^සූ
කඳුළක උණුහුම
අඳුනන ඔබම
මට කඳුළු දුන්නත්
ඔය හිතට දැනුණු බර
ඉවසන්න දිරිදුන්න
මටම යලි ඒ දුකම
පවරලා නිහඬව ඉන්න
දුකක් සිතුණෙම නැද්ද ?

^සූ
අහසම ඉකිබිඳ කඳුළැලි සැලුවා
මන්දාරම් අහසම තනි මැකුවා
මිහිකත් වැදහෙන සීතල කඳුළද
සෝ ගින්නෙන් උණු වී තිබුණා

දෙබෑ කරගෙන නීල ඝණඳුර
කළු අහස මත විදුළි කෙ‍ටුවා
හදිසියෙන් එළි වූ විජිතයම
පෙර ලෙසම යලි අඳුරෙ ගිළුණා

බොඳව පෙනෙනා අවට ලෝකය
පවසාවි මුදු හදක වගතුග
කාටවවත් නොපෙනුණත් හදවත
අදත් පෙරලෙස වැළපුණා

^සූ
මම කවි ලිව්වෙ
වෙන කාටවත් නෙවෙයි
මට.

ඒ ආදරේ ගැන
ඒ උණුහුම ගැන
ඒ අහිමිවීම ගැන

මට
කියව කියව
අඬන්න...!

^සූ

Tuesday, October 28, 2014

රිදවන්න නොහැකියෙන්..!

රිදවන්න නොහැකියෙන්
ඔබේ හිත වදනකින්
ඉවසා උනිමි
බොහෝ දේ
අප වටා සිදුවන
ඔබ ගියා නිදහසේ
ඔබට රිසි ලෝකය සොයන්

Monday, October 13, 2014

මම මලක් ඔබ ගලක් නිසා ..!


ඉවතලන කුසුමක්ව
එක්වෙන්න අතීතෙට
මමත් කොතරම්
අසරණද අද

බූමරංගයක් මෙනි..!

වෙර යොදා ඈතට
වීසිකොට අනෙක්පස
හැරුණු පසු

එනතුරා මිතුරේ ...!

සියොතුනේ ගී
ගයන්නේ ඇයි
ඈ නොමැත නෙත් මානයේ
මූදු හතකින් ඈත ගොස්
ඈ නැවත මෙහි එන්නට නොවේ
මුවින් සිනාසුණු
වරදට
ඔබ
පොරිමෙන් පිපිර
විසිරුණි
මා ඔබ කෙරෙහි තැබූ
විශ්වාසය..

Sunday, October 12, 2014

නිල් දෑස පෙන්නලා
ආදරෙන් හිනැහිලා
ඔබ එවපු
ආදරේ දඟ පන්දුවට

ආදරය.......!!!


හරියාකාර පන්දුවකට
දැවී ගියානම්
දුක නෑ..
ඒත්

වෙසක් සඳ නැග එන්න..!

වෙසක් සඳ නැග එන්න
තවත් ටික කාලයයි
වසන්තය ගේ අවට
මටම ඔච්චම් කරයි