Monday, October 13, 2014

එනතුරා මිතුරේ ...!

සියොතුනේ ගී
ගයන්නේ ඇයි
ඈ නොමැත නෙත් මානයේ
මූදු හතකින් ඈත ගොස්
ඈ නැවත මෙහි එන්නට නොවේ

පාළු අඳුරු කළු අහස වාගෙම
දෑස බොඳවේ අඳුරුවේ
පාව සුළඟක යන්න ඇතිනම්
ඇය සොයා සිටිනා ලොවේ
හසුන් පත් පි‍ටු පුරා දිදුලන
මුතු අකුරු පදවැල් තැවේ
බොඳව ඒ මුතු වදන්
ඇත්තේ මා හැඬූ හින්දා නොවේ..
දෙතොල් තැවරුණු
වර්ණ පෙළ රත් වනින්
පි‍ටු මත සැරසුවේ
ඒ සුවඳ තවමත් ඇතත් ඔබ
නෑ මසිත ඉන් සැනසුවේ
සියොතුනේ , සුළඟේ අසාපන්
මා සිතත් සෝකෙන් දැවේ
සොයා දස අත ගොසින් ඈ වෙත
බලා ඉන්නා බව කියාපන්
එනතුරා මිතුරේ ...!!!

^සූ

No comments:

Post a Comment

hi