Saturday, October 11, 2014

නිහඬ ගමනට මාත් එක්කම..!


නිහඬ ගමනට මාත් එක්කම
යන්න එනවද මියුලැසී
ඔබෙන් වෙන්වී යන්න නොහැකී
නොහඬා ඉනුමැන පෙම්බරී


ලෝදමට නතු රුවට කුමකට
ලොබ සිතින් මා පෙම් කරන්නද
අමිල සෙනෙහස නැසෙන දේකට
බියෙන් මා අතහැර දමන්නද

ඔබට මා මෙන් මටද ඔබ එක
පණට පණ ලෙස හිඳීනම්
අපට අප ඇති ලොවක් අබියස
තුටින් ඉන්නට ලැබේනම්
මවෙත එනුමැන සිනාසෙනු මැන
දිවිතුරා ඔබ රකින්නම්
ආදරෙන් ළඟ හිඳින්නම්

^සූ

No comments:

Post a Comment

hi