Monday, November 5, 2012

තාත්තේ...!

ගෙදර හිටියත් කතා නොකරන
ගෙදර නැති විට කරුණු විමසන
මෙහෙකරුවෙකු මෙන්
නිහඬවම මගේ කටයුතු සියල්ල සපුරා
තේ කෝප්පය පවා ළඟට ගෙනත්
මට සළකන

Sunday, November 4, 2012

දොඩමළුව..!

හමුවෙමුද
අදත් ?
මී බිඳක් තොලගාමින්
පෙම්බස් දොඩන්න
පෙරදින හමුවූ
සෙව්වන්දිය මතම

වැහි මොටද.....!!!

හනික ගෙදරට යමන් අම්මේ
වැස්ස එනවා අදත් හනිකට
පුංචි මල්ලිගෙ අකුරු සේරම
අරන් උන්දා ගියා ඈතට
වප් මහේ අකලට ඉඩෝරෙට
ගොයම් සේරම පිච්චුණා වෙද
ණයත් එක්කම අප්ප දැවුණා
ගොයම වාගෙම වැව් පිටිය උඩ

නාරි දේහේ..!

නමක් නැති නිමක් නැති
ඉමක් නැති පෙමක් වෙති
පෙලක් නැති කවක් වෙති
සිතක් නැති කෙනෙක් ඇති
මලක් වෙති හැඩක් නැති
තෙතක් නැති දහක් පෙති
කොතෙක් කීවත්

ජීවයක් වලකන්නේය..!!

මොළකැටිය
සුදුය
සුමුදුය
සුන්දරය
එහෙත්
ජීවයක්
වලකන්නේය....!!!



^සූ 

උදා වෙනකං..!



කැලණි ගඟ අසබඩය
කැදලි කුරුලු රඟදුන් ඉසව්වය
ලොවට බැරිවූ කැදලි මත
ලගින පාත්තයෝය
වසන්තය
වසරකට
දෙතුන් වතාවක් එන්නේය
කදමලු බලාපොරොත්තු
මහා පෙරහරින් වඩින්නේය