Sunday, November 4, 2012

වැහි මොටද.....!!!

හනික ගෙදරට යමන් අම්මේ
වැස්ස එනවා අදත් හනිකට
පුංචි මල්ලිගෙ අකුරු සේරම
අරන් උන්දා ගියා ඈතට
වප් මහේ අකලට ඉඩෝරෙට
ගොයම් සේරම පිච්චුණා වෙද
ණයත් එක්කම අප්ප දැවුණා
ගොයම වාගෙම වැව් පිටිය උඩ

කැඳ බිඳක් අපි පුංචි නංගිට
ඉල්ලගෙන යමු මගින් යනකොට
බඩ සාය මට නැතේ අම්මේ
එයත් පිච්චී ගියා අව්වට
දැන් ඉතින් වැහි මොටද අම්මේ
අප්ප නැති අපෙ හේන, කුඹුරට....!!

No comments:

Post a Comment

hi