Wednesday, July 10, 2013

ස්වාමීනී..!!! මා පියාණෙනි ..!!!......

ගොල්ගොතාවේ
කඳු මුදුනේ
කුරුසිපත් කරනු මා
දස වධ පමුණුවා
ක‍ටු ඔ‍ටුණු
පළන්දා
දෑත දෙපයට
ඇණ ගසා
කුරුසිපත් කරනු
මා
මග්දලේනා
ඔබ මාගේද මා ඔබේද
දෙවියන්වත් නොදනී
එය මරියා....
මහා වැසි
ඇද හැලේවි
සැඩ සුළං හමාවි
බිය නොවන්නැයි පවසන්න
නැතහොත්
හුස්ම යනතුරු
මා එල්ලා මරන්න
තහනම් ඇපල්
ගසේ අත්තක
සර්පයාගෙන් ප්‍රවේශම්
වන්න.
අණ දෙන්නට කියනු
වහා මරණයට
කැපකෙරුමට
දෑත සෝදා ගත හැක
පසුව
සිහිල් දියෙන්
එවිට ඔබ නිදොස්.

^සූ

Wednesday, July 3, 2013

ලකර ළඳුනි.........


සවන් මිණිකොඬොල් පළඳින
නුවන් නිලුපුලෙව් බබළන
පවන් සලන ඝන චාමර
මේඝය වරලස්
නළල් සදිසි, දුල් සඳකඩ
සිහින් ළසඳ මුව මදහස
ලෙවන් තුළ උදුල රණ ලිය
සෙරෙහි සදිසි මන්,