Saturday, June 30, 2012

~මල් සහ කළු දෙබරු~

 කැකුළු මලක මල් මුවරද උගුල්ලා
පෙති පොඩිකර තූ තූ කොට සියල්ලා
දෑස වසා කට තදකර ගනිල්ලා
සෝක වෙවී අහසට දෙස් තියලා

නාථ සමන් පත්තිනි දෙවි වරෙල්ලා
දෑස ඇරන් වන මේ රඟ බලල්ලා
සාධු ගතිය ලොවටම පේ කරල්ලා
දෙන පුදගෙන බකන්නිලා ඉඳිල්ලා

Monday, June 11, 2012

............... කුවේණි...............



ඔද තෙද වැඩි ගත රන්වන් පෑයට රන් හිරු සේ දිළුණා
මහ පිරි වර මැද ඉඳු කිල සේ යස පුන්සඳ මන නඳනා
මුතු කැට සේ ‍රැස විහිදූ නෙත්තරු දු‍ටු මා සිත පිරුණා
දු‍ටු ක්ෂණයේ සිට තෙදවත් ආරිය විජය කුමරු සොබනා


සුනෙර පවර සේ දිලෙන බාහු යුග රනින් ඔපය කෙරුණා
කණක කටක මිනි පේ‍රැස් මුදු  නෙක අභරණ ගත ‍රැඳුණා
දුහුල් එ'පට සළු මිරිවැඩි සඟලේ ඔපය හැඩය දිළුණා
කැටි පුළුනේ සුව සුමුදු සොඳුරු ගුණ ඔබේ ළඟයි සිතුණා