Showing posts with label පෙම් කවි. Show all posts
Showing posts with label පෙම් කවි. Show all posts

Friday, November 27, 2015

මල් පියලි මත
ගෙවිය හැකිනම්
ජීවිත....

රුදුරු හිරු රැස
ගෙනෙයි නම්
සිහිලස..

මද පවනකට
සිඳෙයිනම්
නෙත තෙත..

නොම සැලෙනු
ඇත
සුපෙම්වත් හදවත..

^සූ

සොඳුර..!

ලෝකයේ රුදු ඇසට
මුවා නොවී
හිඳිමු අප...

අඳුර තිමිරය දිනෙක
බිඳෙන වග
සිතමු අප...

තවත් එක් කතාවක්
නොවන වග
කියමු අප...

ආලයේ ගනුදෙනුව
නොකළ වග
දනිමු අප...

අවට ලෝකය දෙසම
ආදරෙන්
බලමු අප...!!!

^සූ
ගෙවිල ගෙවිල
යනකම් හිත
පිරිමදින්නමයි
මට හිත.
.
.
.
හිඳිල බිඳිල
තිබු හිත් විල
වැහැල වැහැල
පිරෙව්වෙ නුඹ..!

^සූ

මම මගේ පාඩුවේ

මම මගේ පාඩුවේ
උන්නු කාලය
කොයිතරම්නම්
සුන්දරද මිහිරේ..

පිනි පොදත් සිරි පොදත් සීතල නෑ
ගහ වැලත් මල් මිටත් සුන්දර නෑ
මා වටා සිටි සොඳුරු ලෝකය
මගේ ළඟ අද නෑ

ඔබේ නෙත් තුළ ඉන්නවා හැර
වෙනත් අතකට යන්න මට හිත නෑ
රෑක හීනෙක තිබුණු සුන්දර
සුවය නෑ ඒ කොහි ගිහිල්ලද නෑ

හදේ රාවය නැවතිලා හද
ඔබේ සුසුමින් පිරී ඉවසුම් නෑ...
ඔබ නොමැති තැන දැනෙන පාළුව
මකා ගන්නට මගක් මම දන්නෑ....


^සූ
ආදරෙන්
පිරුණු විට
සිත තුටින්
ඉපිල යයි
කාට නැවතිය
හැකිද
හිත ඉවුරු
බිඳ ගලන
ස්නේහයේ
ගං දිය..!!


^සූ

මේඝ දෙව් දුව...!

මා හා හිනැහුණු
නිල් කටරොළු
මල ඔබ විය

නෙතින් නෙත
ගැටුණු නිමේෂය
අවර ගිරින් හිරු
වැසෙන විරාමය

නොකලට හමුවූ
මේඝ විලාපය
යලිදු දකින්නේ
කෙලෙස කුමාරිය.

^සූ

ප්‍රේමය නම් ...

ප්‍රේමය නම්
දෙතොල් අග මිමිණෙන
වදනක් නොව
එය
හදවතේ
දෝංකාරයයි ..!

^සූ

ආදරයද මේ ...


නිමා වෙන්නට
වගේ ඇත තව
ගිම්හාන යලි වතාවක්
වසන්තය අත වනයි
සිත ළඟ
මුමුනමින්
තාව රස කතාවක්


^සූ

දෙන්න අවසර ...!

නිසොල් මන් වී
මා මෙතෙක් කල්
ඔබේ අබියස
බලා උන්නෙමි

ඉදින් අවසර
දෙන්න නොහැකිද
වෙන්න දොඩමළු
එක් වරක් ..

රිදුණු දෙහදක්
තුරුළු කරගෙන
දෙතැන සිටියා
ඇති බලාගෙන

ඔබෙ සුරත ගෙන
අලුත් හෙටකට
පියනගන්නට
දෙන්න අවසර ...!

^සූ

Tuesday, October 28, 2014

වියළි කතරට..!

වියළි කතරට වැටෙන පින්නට
පවා මිහිකත ආදරෙයි
නැගුණු සරතැස හමන සීතල
මද නළින්මුත් නිවාලයි

Monday, October 13, 2014

තමන් සතු සියලු
දිය පිරිනමා

මියයන්න අවැසිමයි ප්‍රේමය..!

මියයන්න
අවැසිමයි ප්‍රේමය...
අහිමි වුව
ඉවතලනු නොහැකිය
උපමාවක් නැති කතාවක්
බැඳීමක් නැති ආදරයක්
නොපුරන්න සිතුවත්
ආදරේ පෙරුමන්
ඉඩදෙන්නෙ නෑ ඉන්න
නොබලාම දෙනුවන්

Sunday, October 12, 2014

මෙරු..!

හිටි හැටියෙ කාලෙකට
පියඹා විත්
සියොළඟම වසාගෙන
නොසන්සුන් කර

Saturday, October 11, 2014

සැළලිහිණිය මියුරු හඬින් ..!


සැළලිහිණිය මියුරු හඬින්
ගයනා ගීයක ස්වරයෙන්
හීන් හඬින් සවන් අතර
‍රැව් දෙන ඔබ මියුරු වදන්
යලි එතැයි බලා 
නෙතු පිය නොසලා
කල් පයක් ගියා ගෙවිලා
නෙත් පියන් වසා 
මද නළක් වෙලා 
මටම කියා ඔය ඇස්දෙක 
සන්තකකර දෙන්න
තව හිතකට හීනෙන්වත් 
එපා මග කියන්න

නිහඬ ගමනට මාත් එක්කම..!


නිහඬ ගමනට මාත් එක්කම
යන්න එනවද මියුලැසී
ඔබෙන් වෙන්වී යන්න නොහැකී
නොහඬා ඉනුමැන පෙම්බරී

මිහිර..!

වැහි වහිනකොට 
මල් මල් කුඩය යට 
එක පෙළට අපි 
පියවර තබා ...
යනවිටදි මගෙ 
හිත පෙම් පුරනවා