Monday, October 13, 2014

තනිකම..!

ආවාද ගියාද
කීදෙනෙක් ජීවිතේට
ඒ හැම වරම
ඒ අයට ඉඩදී
පසෙකින් සිටියා ඔබ

ඔවුන් මා හැර මා ඔවුන් හැර
ගියපු හැමවිට
නිමේෂයකුදු ඉඩක් නොතබා
ඔබ මා අසල සිටියා
අමනාපයක් වෙනසක්
නොපෙන්වා
ආත්මීය බැඳීමක්
පුදුම සෙනෙහසක්

තනිකම උඹනම්
කෙතරම් සොඳුරුද
කිසි දින විරසක
නොවෙන නිසා

^සූ

No comments:

Post a Comment

hi