Monday, October 13, 2014

අකාලේ විසිරෙන කැකුළු මල් ..!

ඈත මුහුදේ
‍රැළි පෙ‍රැළි පිස
හමන උඩු හුළඟට පෙමින්
තාලයට කවි ගීත ගයනා
නීල වැටකේ පඳුරකින්
එහා කළුවර අතරකින් එන
හීන් කෙඳිරිලි හඬක් ලෙංගතු
විරාමයකින් පසුව ඉකිබිඳුමක්ව
හදවත පාරවයි....

සිප් හලට පෙර නුහුරු පාරෙන්
දෑත් පටලා ආදරෙන්
දහස් ගණනක් පෙම්කතාවල
පාද සටහන් හරි අපූරුයි
ඇඳුණු වෙරළේ වැලි රටා
දෙනෝ දාහක් දෑස් රවටා
අඳුරු වැටකේ සිහිල වින්දත්
අකාලේ විසිරෙන කැකුළු මල්
සිසිල තුළ ගිනි ගෙන දැවේ....
තැලුණු විසිරුණු පෙති බලාගෙන
ඈත මුහුදේ
‍රැළි පෙ‍රැළි පිස
හමන උඩු හුළඟට සෙමින්
වේදනාවෙන් කවි ගීත ගයනා
නීල වැටකේ පඳුරු අඳුරේ
තවම පොඩි මල් පෙති තැලෙයි.

^සූ

No comments:

Post a Comment

hi