Saturday, October 11, 2014

නෙත් පියවූවාට..!


නෙත් පියවූවාට
නිදි නොමැති කමට
වරද ඔබ අත නොව.
හැඟීමක සරල බව
වටහාගත නොහැකි
සිතකට ප්‍රේමය කාන්දුවීම
කෙතරම් අරුමයක්ද...

විටින් විට පැමිණ හැපෙන
ගුප්ත සිතුවිලි තුළ
මං මුලාවෙත්නම්
ප්‍රේමයත් අයිතියත් අතර
බෙදුම් ලක්ෂය කෙලෙස
සටහන් කරම්ද
ජීවිතේ හැරවුම් ලක්ෂය
ප්‍රේමය වූ විටෙක
හැරවිම ආසන්නයේදීම
තවත් පිම්මක් ආපස්සට
පැනීමට සිදුවීම
ප්‍රේමයේ නාමයෙන් වූ
ගනුදෙනුවක අතුරු
ප්‍රතිඵලයක් විය නොහැකිද
නොවිඳීම තුළ ලද වින්දනයට
ඔබ නතුවුවත්
විඳීම තුළ අහිමිවිය හැකි වින්දනයට
විරාමය තැබීමට
මා අපොහොසත් වීමට හැකිය.
ඒ ප්‍රේමයත් අයිතියත්
එක් තැන්වන සාධකය
මා සතු නොවන හෙයිනැයි
කිව නොහැක්කේ මන්ද..?
මැවුම්කාරයෙක් ඇත්නම්
ඔහු හමුවී මට අසන්නට
කාරණයක් ඇත......

^සූ

No comments:

Post a Comment

hi