ඉරහඳ ඉල්ලා මා නොහැඬූවෙමි
සෙනෙහස පමණකි අවැසි වුණේ
ඔබෙ අත අල්ලා දසත සැරූවෙමි
මතකය පමණකි ඉතිරි වුණේ
ගහකොළ මල් වල හමන සුළං රළ
සෙනෙහස රැඳි බව
ඔබමයි පෙරදා මට කීවේ
මෙදා ම'එවදන් ඔබට කිවූ විට
ඇයි ඔබ මා හා උරණ වුණේ
ආත්ම ගණනක් පෙරුම් පිරූ බව
සසරින් සසරට ඔබ මා පැතුබව
සිනා මුවින් පෙර මට කීවේ
ඔබේම එවදන් මා මිමිණූ කළ
ඇයි ඔබෙ පිපි වත මිලින වුණේ
^සූ
No comments:
Post a Comment
hi