එතෙර ගිය හිමියන්ට...!
නිදි නොමැති තනි යහන
මත පිපෙන රෑ හීන
එලි නොවනවා සේම
දුකම පමණකි ගේන
වෙන්ව තුන්පත් රෑන
නෙතට කඳුළක් ගේන
ඇසට නොපෙනෙන මාන
නැත සැනසුමක් පේන
ගත දැවෙන වැලිකතර
ඔබ තුටින් දැයි නිතර
සිහිවෙනා විට සිරුර
දැවෙයි සිතුවිලි විසිර
මුළු සිතම ඉකිබිඳී
ම'පුතු සුවසේ නිදී
තව සිතට වද දිදී
තනිය යහනට වදී
^සූ
No comments:
Post a Comment
hi