Saturday, October 11, 2014

මේ තරම් රෑ අහසෙ ..!

මේ තරම් රෑ අහසෙ 
තාරුකා පිපුණාට
මට අයිති මගෙ තරුව 
නොපිපුණේ ඇයි තාම

බොල් පින්න මල් මතම 
සැතපුණේ ආලයට
හැරයන්න බැරිනිසා 
තනි ‍රැක්කෙ මුළු රෑම

මගබලන කාලයට
හිලව්කරගන්න මම
මුළු මුවම සිඹිනවා
නොදී යන්නට ඈත...

^සූ

No comments:

Post a Comment

hi