Monday, October 13, 2014

ආශ්චර්යයයි... ආසියාවේ ආශ්චර්යයයි......!

දසතින් උතුරා ගලන්නේද
සෑම මුහුණකම පෙනෙන්නේද
මහතොටද , බසයේද , පදික වේදිකාවේද
බත් පතේද , පසුම්බියේද , තේ කෝප්පයේද
පාස්ලේද, ආයතනයේද, උසාවියේද
පාර්ලිමේන්තුවේද, කෝච්චියේද
මහමගද,

අන්ත අසරණ දුගියාගේද,
පත්තර, රූපවාහිනී, රේඩියෝ මාධ්‍යයේද
මාධ්‍ය කරුවාගේද,
පූජ්‍ය පූජක උතුමන්ගේ මුවින්ද
උසාවියේද, නීතියේද, දේශපාලකයාගේද
දේශපාලනයේද, අධ්‍යාපනයේද, ගොවියාගේද
රෝහලේද, පන්සලේද, පල්ලියේද, කෝවිලේද
මහමග වෙඩිකා , පිහි ඇනුම් ලැබ,
පැහැරගැනීමට ලක්ව මියයන්නාගේද,
තර්ජන ගර්ජනවලට ලක්වන සරසවි සිසුවාගේද,
ආචාර්ය මහාචාර්ය වරුන්ගේද
සඟ , වෙද , ගුරු , ගොවි ,කම්කරු ,
පංච මහා බලවේගයන්ගේ මුවෙන්ද
දිස් වන්නේ එයයි...
හැ‍ඟෙන්නේද , දැනෙන්නේද,
නිර්වින්දනය ලැබ , මොළ හිරිවැටී සිටින්නන්ගේද
සදාතනික දියවූ පැතුම වන්නේද එයයි..
පෙන්නන්නේද, පතන්නේද, සිතනේද
යදින්නේද එයයි..

ආශ්චර්යයයි... ආසියාවේ ආශ්චර්යයයි......

^සූ

No comments:

Post a Comment

hi