Thursday, March 7, 2013

බොරුකාරී _


හීනයක් වගේ ඇවිත්
වලාකුළක් වගේ
මාව වහගත්ත ඔයා,
පිණි පොදක් වගේ
මගේ සිරුර කිළිපොලපු
ඔය දෙතොල්,
භාවනාවක් වගේ
මා දැහැන් ගත කරපු
ඔය ලොකු ඇස්,
යලි ආයෙ නෑ නේද
රත්තරං......?
ඔයා හරි නපුරුයි.
මට නොකියම
යන්න ගියේ.
මා එක්ක තරහද..?
නැත්නම් ආදරේ වැඩි
නිසාද....?

ඔයාගෙ ආදරේ
බොරුවක්.
කවදාවත් ආයේ ඔයා
එන්නෙ නෑ.
මගේ හිසේ අත තියා
දිවුරුවත්, මට නොකිය
ඔබ ගිහින්..
මගෙ හිතට රස කවපු
ඔය හඬ මට නෑ.
හරි අගෙයි
දුන් තෑග්ග ආදරේට,
උණුහුමට
සුව වින්ද ඔය මුහුණ
මට ඉතින් ආයෙ නෑ.
.
.
.
සුදුමැලිව ගල්වෙලා
නිහඬ ඇයි..?
.
මා ‍රැව‍ටුවේ
ඇයි කියපන්
බොරුකාරී...
ඇයි මට නොකිය යන්න ගියේ.....!!!

^සූ

No comments:

Post a Comment

hi