Sunday, August 25, 2013

විලවුන් සුවඳ ...


හාර හාරා මතකයේ
අහුමුලු අවුස්සා
කැන්දයි
අතීතය...
ඉඳික‍ටු තුඩු මත
තැබූ හදවත
හඬ නගයි
මහ හඬින් ලබ් ඩබ්..
නැගුණු මතකය
කැටිකොට
හෙලන්නට
වෙරදරයි බිමට,
බරවූ නියා
දෙනෙත...


ඔබෙ නොවන
ඔබේවූ ඒ විලවුන්
සුවඳ මා ගෙන ආ
දුර......!!!!

^සූ

No comments:

Post a Comment

hi