Sunday, August 25, 2013

...

.
උණ්ඩයකට
තියුණු සැතකට
මා හඬ
නිහඬ කළ
හැකිය
කිසියම්ම මොහොතක
මා ලෝකයාට
සැඟවිය හැකිය....

එහෙත් ...!!

සත්‍යයේ හඬ
කිසිදා නොනවතින්නේය..
තාවකාලිකව
යටපත් කළ හැකිමුත්
නැවතිය නොහැකිය..

නිශ්චිත මොහොතක
එය
මතුවනු ඇත..
පරමාණු  බෝම්බයක්සේ
ඉහළට
එනු ඇත 
පැතිරෙනු ඇත...
එය කිසිවෙකුට
වැළැකිය නොහැකය...
නිහඬ කළ නොහැකිය...
පීඩිතයන්ගේ හදේ
කැකෑරෙන වේදනාව
වෛරය, දුක
තුවක්කු බට අගින්
පිටවිය හැක....

අද ඇඟිලි තුඩු
අගින් පිටවන
මේ වදන් වලට වඩා
ඒවා දරුණු වනු ඇත.


^සූ

No comments:

Post a Comment

hi