දිගුකරමි
ජීවිතේ දෑත
මරණය දෙසට
වහා මා වැළඳගන්න
විඳින්නට අවැසි
ඔබේ සෙනෙහස පමණි,
හැපී ගැටී ප්‍රේමයේ
ගල් මුල් බාධක මත
හති ලමි සුසුම් ලමි
වේදනාවෙන්
මස් ලේ ඇට විනිවිඳි
සෙනෙහසේ අරුමය
පැමිණ පාරාවළල්ලක් සේ
තූ තූ කොට විසුරුවා
කැබලිති කොට
දවයි දවයි සැඩ හිරු සේ
නරුම හදවතක්
සතුකොට ගතිමි.
හිරිවැටී ප්‍රේමයෙන්
වියුක්තව නිෂ්ක්‍රීයවූ
සිත නිහඬයි...
උරාගන්න සුසුම්පොද
සෙනෙහසින් මා වැළඳ
සීතල වූ මරණයේ
දෑතින්.......
^සූ
No comments:
Post a Comment
hi