Friday, November 27, 2015

මල් පියලි මත
ගෙවිය හැකිනම්
ජීවිත....

රුදුරු හිරු රැස
ගෙනෙයි නම්
සිහිලස..

මද පවනකට
සිඳෙයිනම්
නෙත තෙත..

නොම සැලෙනු
ඇත
සුපෙම්වත් හදවත..

^සූ

සොඳුර..!

ලෝකයේ රුදු ඇසට
මුවා නොවී
හිඳිමු අප...

අඳුර තිමිරය දිනෙක
බිඳෙන වග
සිතමු අප...

තවත් එක් කතාවක්
නොවන වග
කියමු අප...

ආලයේ ගනුදෙනුව
නොකළ වග
දනිමු අප...

අවට ලෝකය දෙසම
ආදරෙන්
බලමු අප...!!!

^සූ
ගෙවිල ගෙවිල
යනකම් හිත
පිරිමදින්නමයි
මට හිත.
.
.
.
හිඳිල බිඳිල
තිබු හිත් විල
වැහැල වැහැල
පිරෙව්වෙ නුඹ..!

^සූ

මම මගේ පාඩුවේ

මම මගේ පාඩුවේ
උන්නු කාලය
කොයිතරම්නම්
සුන්දරද මිහිරේ..

පිනි පොදත් සිරි පොදත් සීතල නෑ
ගහ වැලත් මල් මිටත් සුන්දර නෑ
මා වටා සිටි සොඳුරු ලෝකය
මගේ ළඟ අද නෑ

ඔබේ නෙත් තුළ ඉන්නවා හැර
වෙනත් අතකට යන්න මට හිත නෑ
රෑක හීනෙක තිබුණු සුන්දර
සුවය නෑ ඒ කොහි ගිහිල්ලද නෑ

හදේ රාවය නැවතිලා හද
ඔබේ සුසුමින් පිරී ඉවසුම් නෑ...
ඔබ නොමැති තැන දැනෙන පාළුව
මකා ගන්නට මගක් මම දන්නෑ....


^සූ

අම්මාවරු

අල කොල
බතල කන
රෙදි අඳින
අම්මාවරු පමණද
ගැහැට විඳින්නේ
දරුවන් වෙනුවෙන්

^සූ
මේ තරම් සුවිසල් අහස යට
හිඳිමි අදමා තනිවෙලා
ඔබේ සුසුමක දුරින් ඉන්නට
වරම් නැත මට හිමි වෙලා

සයුරු වෙරළක තනිව ඉකිලන
රළ මතට වී මං මුලා
ඈත ක්ෂිතිජයෙ සැඟව යන හිරු
සදිසි ඔබ මා තනි කළා

රෑක අහසක දිළෙන තරු සේ
දිළුණු සිතුවිලි ගොළු කළා
අමාවක රෑ අහස වාගෙම
මගෙ ලොවම අඳුරක් කළා

^සූ

මගේම ගීතයකට කළ පළමු ගීත රූපරචනය.

පහන් කන්දක්
අසළ
කදෝපැණියෙකුට
කොහෙද ඉඩ
දිළිහෙන්න...!

^සූ
ආදරෙන්
පිරුණු විට
සිත තුටින්
ඉපිල යයි
කාට නැවතිය
හැකිද
හිත ඉවුරු
බිඳ ගලන
ස්නේහයේ
ගං දිය..!!


^සූ
කටු පිරුණු
පතොක් මත
පවා
පිපෙයි
සොඳුරු මල්

^සූ

ඔබ හැර !

ඔබ නිසා
වින්ද දුක
සෝ සුසුම්
කඳුළු බර
ඔබට හැර
තවෙකෙකුට
කියා සතුටක්
ඇතිද
ඔබ නැතිව
ඔබට හැර
ඔබ දුන්නු
මේ ගින්න
නිවාලනු
හැකි අයෙක්
මේ දියත
කොහි ඇතිද?

^සූ

මේඝ දෙව් දුව...!

මා හා හිනැහුණු
නිල් කටරොළු
මල ඔබ විය

නෙතින් නෙත
ගැටුණු නිමේෂය
අවර ගිරින් හිරු
වැසෙන විරාමය

නොකලට හමුවූ
මේඝ විලාපය
යලිදු දකින්නේ
කෙලෙස කුමාරිය.

^සූ

මවුනි..!


දෙනෙත් හිටියට
මග බලාගෙන
යලි නොඑන්නම
දුරක ගොස් ඔබ
කඳුළු නොහෙළුව
දුක දරාගෙන
ගැහැට විඳි ඔබ
සතුට දී මට
සිළුටු වත හිමි
යකඩ ගහැනිය
මවුනි මා මග
පහන් සිළ ඔබ...!

^සූ

කුහුඹුවා ..!

සීනි බෝතලෙක
හිරවුණ
පුංචි කුහුඹුවෙක්
වෙමි මම
මිහිරට ලොල් වී
රැවටී අවතැන් වූ

^සූ
ගැඹුරු පිවිතුරු
වුණත්
කරදිය
සොඳුරු පියකරු
පියුම්
නොපිපෙත..!

^සූ

අවරෝධිත ප්‍රේමය

විදි ගැහැට
ප්‍රේමයෙන්
දරන්නට නොහැකියෙන්
විටින් විට
දිගු කලක්
යටි සිතේ සැඟවූ
සුන්දරම සිතිවිල්ල
හුදෙකලා වියෝගය
මවන දුක් අඳුරක්ව
දිනෙන් දින
ටිකින් ටටික
මා වෙලයි අඳුරකින්
පියවි සිහියද රැගෙන
ඉවත යයි මා කෙරෙන්
මධු විතයි
දුම් රොදයි
දෙමිතුරන් පමණකිය
තවත් මට ආදරෙන්
මා අසල
රැඳෙන්නේ...
ප්‍රේමයත් ප්‍රේමියත්
කොතැනකද
සිටින්නේ....!

^සූ
නුඹෙ නයන
මුදු දෙතොල
තිඹිරි යුග
පටු නිතඹ
දුටු මතින
බරවේ දෙනෙත්
මතින්
තොල නොගෑවද
මධු විත....!

^සූ
මලෙවි කරළියේ
පිපි මල තුඩගින්
මධු මී බිව්
මී මැස්සෝ
පරිද්දෙන් මී බී
තුටු වන්නට
කැමතිද...
බලන් .,
දුටුවද සබඳිනි
තිවංක ගෙයි
බිත මත

^සූ
අබ මල්
රොනකට වඩා
අඹ මල්
රොන කුඩාය
රොන් නොමැති
නෙක මල්ද
ඇත්තේය....
සම්මතය නිවැරැදි බව
පිළිගැනීමම
නිවැරැදි නොවේ

^සූ
හිරු නැගුණොත්
ඔබ යාවි
ඉඳින් මා
තනිවේවි.
අඳුර මා මිහිරාවි
එළිය
සතුරුව ඒවි

^සූ
ඉටි පහනකි
මා
අඳුරෙදි පමණක්
ඔබට
අවැසි වන...!

^සූ
රාත්‍රිය
නුඹ සතුරෙකි
තනිකඩ
හිතට

^සූ
ඉන් මිදෙන්නට
මගක් නම් නැති.
අපිස් දිවියට
හුරු කරන්නෙමි
ප්රේමයද
වළලා දමනු රිසි
හුදෙකලාවට
මග සදන්නෙමි

^සූ

වේදනා... !

 එකක් පසුවට එකක්
කිසි දිනෙක සමුනොගත්
වේදනා මහ ගොඩක්
නිදි නොලද දිගු රැයක්

හැඟුම් තරු කැන් මිටක්
තුටින් තුරුළට කරන්
සැතපෙන්න හීනයක්
තිබුණු පෙම්බර හදක්

කඳුළකට උල්පතක්
සුසුම් සැඩ මේඝයක්
හද මහා ගිනි ගොඩක්
නිරය සැප ඇති හුඟක්

^සූ

මැරුණු කඩුපුල..!

මැරුණු බව
දන්වා එවී
සුළඟ අත
රැයේ ඉපැදුණු
සුවඳ කඩුපුල

දකින්නටවත් නොවී සමුගත්
දුකට හැඬුවේ
හිම්දිරි සියොත් කැළ...!

^සූ

පිරිමින්ගේ ගෑනු හිත්

හද බරට පිට පනින
කඳුළු කැට රහසේම
මුළු රෑම පිසදාන
දහවලට හිනැහීම..

තුටු මූණ පෙන්වාන
හුදෙකලා නැවතුමක
කප්පරක් දුක් විඳින
කිසිවෙකුට නොම පේන
කිසිදාක හෙළි නොවන
පිරිමින්ගේ ගෑනු හිත්..!

^සූ
වට වැහි බිඳත්
බෙහෝ කලකින්
වහා ගිලගති
මහා පොළොවම
පිබිදිය යුතු නිසා 
නැවුම්
තණපත්...!

^සූ
පිපාසෙට
පැණි බිඳක් බිව්වට
සිතුවෙ නෑ
තලන්නට පෙති
අත් වැරැද්දට 
සමා දිය හැකිද?

^සූ

හිට්ලරයෝ

 
හිට්ලරයෝ
ඇඳුම ගලවා
හඬමින්
ලියුම් ලියති.
නීතිය 
පොදුවිය යුතුය
සත්‍යය
ජයගනු ඇත...!


^සූ
සැඩ හිරුට
එරෙහි වෙන
පිනි බිඳුත් ඇත
තණපත් මත
තනිව තව...!

^සූ
ඇතැම්මු ගස්
ඇතැම්මු වැල්
ඒ අතර
පොඩ් පඳුරු
මල් පිපුණු

^සූ

අමාවක....

අමාවක....
සඳ
අද
නිවාඩු...!

^සූ

මියැදුණු ආත්මය

සියතින්ම ළය පලා
මියැදෙන්න තරමටම
දිවෙන දුම්රියක වැද
කැබලිවන තරමටම
හදවතම කකියවන
දුකට නැවතුම් කොහිද?

කාටවත් නොම පෙනෙන
මහ පොළොව නුඋහුලන
හිතේ බර වෙන කෙලෙස
ලේසියෙන් දුරලම්ද?

සාගරය අසළ හිඳ
හඬ හඬා මහ හඬින්
දුක කීතුකර ඉරා
හරින්නට මට හැකිද?

මූසලයි පාළුවයි
ඇස් පහුරුගානකොට
දිය නොකර කඳුළුබර
විඳදරන් සිටිහැකිද?

හිරි වැටුණු දෙපා යුග
ගාටමින් මට තනිව
සඳ එළිය මත තනිව
පා නගා යා හැකිද?

ජීවිතය මට නැතිව
ජීව හුස්මක් නැතිව
මිය ඇදුණු ආත්මෙක
තවත් ඉන්නට හැකිද?


^සූ

ආදරය..!

අඳුරු ගැඹුරු
ළිං පතුළේ සිට
සීරුවෙන්
හෙමි හෙමින්
ළිං කණ්ඩියට ගෙන
නැවත ළිං පතුළට
වැටෙන්නට
පහරදෙන
ආදරය..


^සූ

වියෝව .... !

සුසුම් පවන් මැද
මගේ ළඟින් හිඳ
වගේ වගක් නැත
ඔබ සමඟ කතා බහ

හදේ ගැහෙන නද
ඔබ ඔබේ කියාගෙන
මට තවත් ළංවුණා
දෑතින්ම බදා බඳ

ඔබෙ සුමුදු කොපුල් තල
වැදි වැදී දෙතොල මත
මුනු මුනු නද දුන්නා
සවනතට ළංව හිඳ

පෙර මගේ කියා ඔබ
අද මගෙන් දුරක හිඳ
ඔහු හා සුවවින්දා
මගෙ දෙනත් ඉදිරි පිට

^සූ

ප්‍රේමය නම් ...

ප්‍රේමය නම්
දෙතොල් අග මිමිණෙන
වදනක් නොව
එය
හදවතේ
දෝංකාරයයි ..!

^සූ

ආදරයද මේ ...


නිමා වෙන්නට
වගේ ඇත තව
ගිම්හාන යලි වතාවක්
වසන්තය අත වනයි
සිත ළඟ
මුමුනමින්
තාව රස කතාවක්


^සූ

හැරගිය මලට ඇරැයුමක්

නිල නුවන් පිය නොවුණු අහස යට ඉකිබිඳ
සමනලිය මල අතැර කොහේ යන්නේ පවසන්න

මකරන්ද සුව රැගෙන බමරිඳු ගිය දිනෙක
මා තවම ඈ නමින් ඉන්න බව පවසන්න

සුවඳ නැති මලකි ඇය ඔබට ඉන් පල කිමද
සුවඳ මල් දස අතම ඇති තරම් අරගන්න

මල් සුවඳ ඉව කෙරුව බමරෙක්ව පැනයන්න
නොව පිදුවේ මුල්ම පෙම ඈ නමට පිළිගන්න

පෙති තලා රොන් උරා අතරමග මිය යන්න
අතැර ගිය මුත එමල මට හැකිය රැකගන්න

කිළුටු මලෙකින් කුමන පල ඇතිද පවසන්න
පිවිතුරුව ඇති කලෙක මිස එයින් පල කිමද

මල මලක් මිස සුවඳ හැඩ පාට අරගන්න
නොව මලට පෙම් කළේ ඒ හිතට අරගන්න

පාට හද මකරන්ද නැති වුවද අහගන්න
ඒ සෙනෙහෙ ඇත හදෙහි ඒ සැමට හරියන්න

^සූ 

දෙන්න අවසර ...!

නිසොල් මන් වී
මා මෙතෙක් කල්
ඔබේ අබියස
බලා උන්නෙමි

ඉදින් අවසර
දෙන්න නොහැකිද
වෙන්න දොඩමළු
එක් වරක් ..

රිදුණු දෙහදක්
තුරුළු කරගෙන
දෙතැන සිටියා
ඇති බලාගෙන

ඔබෙ සුරත ගෙන
අලුත් හෙටකට
පියනගන්නට
දෙන්න අවසර ...!

^සූ

ඉඩ හරිනු මැන

සියුම්කම්පන
නහර වැල් තුළ
නගන රාවය
සොයාගනු මැන

හදක තෙරපෙන
සුසුම් පොදකට
තෙරපි තෙරපී
ඉන්න දෙනු මැන

නෙතින් වෑහෙන
හැඟුම් බිඳකට
කොපුළ මත හිඳ
ගිමන් නොම හැර

දකින්නට පෙර
තවත් දෙනෙතක්
සැඟව යන්නට
ඉඩ හරිනු මැන


^සූ

ජීවිතය නම් වලාකුළකිය

ජීවිතය නම්
වලාකුළකිය
විටින් විට
නෙක හැඩ මවන

විටෙක ක්ෂය වෙන
විටක දැඩිවෙන
කෙඳි කැටිති මීදුම්
වෙසින් එන

සෞම්‍යය
සිතුවිළි මවාදෙන
විටෙක දැඩිවෙන
හෙණ විදුලි දෙන
අසුරු සැණෙකින්
දවා හළුලන....

ජීවිතේ නම්
වලාකුළකිය
නොනැවතී හැඩ
මවා පෙන්වන

^සූ
ඔබේ දුක ඉදිරියේ
දොඩමළු වූ හිතම
මගේ දුක ඉදිරියේ
ගොළුව ගල් ගැහුණාද ?

^සූ
කඳුළක උණුහුම
අඳුනන ඔබම
මට කඳුළු දුන්නත්
ඔය හිතට දැනුණු බර
ඉවසන්න දිරිදුන්න
මටම යලි ඒ දුකම
පවරලා නිහඬව ඉන්න
දුකක් සිතුණෙම නැද්ද ?

^සූ

මලක් වන මුත්

නෙත්කළු
මලක් වන මුත්
බුදු පුදට මට
වරම් නැත්තෙමි
නියඟලා
මා
නියඟලා


^සූ
අහසම ඉකිබිඳ කඳුළැලි සැලුවා
මන්දාරම් අහසම තනි මැකුවා
මිහිකත් වැදහෙන සීතල කඳුළද
සෝ ගින්නෙන් උණු වී තිබුණා

දෙබෑ කරගෙන නීල ඝණඳුර
කළු අහස මත විදුළි කෙ‍ටුවා
හදිසියෙන් එළි වූ විජිතයම
පෙර ලෙසම යලි අඳුරෙ ගිළුණා

බොඳව පෙනෙනා අවට ලෝකය
පවසාවි මුදු හදක වගතුග
කාටවවත් නොපෙනුණත් හදවත
අදත් පෙරලෙස වැළපුණා

^සූ
මම කවි ලිව්වෙ
වෙන කාටවත් නෙවෙයි
මට.

ඒ ආදරේ ගැන
ඒ උණුහුම ගැන
ඒ අහිමිවීම ගැන

මට
කියව කියව
අඬන්න...!

^සූ

"නානත්ථ කායා නානත්ථ සංඥා"

ඔබ සිනා සෙන්න
එක වරක් තව
විවිධවූ ලෝකයේ
විවිධ මිනිසුන් අතර
ඇතිවෙනස හඳුණාගෙන

කඳුළකට
සියුම් සංවේදනයකට
ඉඩක් නැත
සංවේදනය නොවන
යාන්ත්‍රිකවූ
මිනිසුන් ලෙස
ඔවුන් වටහාගෙන
තව වරක් සිනාසෙන්න

ඔවුන් තුළ තමා
නැතිබවද
සකම්පිත හදවත්
හිඟ බව ද
මේ බිම තුළ,
වටහාගෙන හිනැහෙන්න
තව වරක්...

හිනැහෙන්න ඔබ
ඔබ සමඟ
සිනහව ලෝකයෙන්
නොයිල්ලාම

"අත්තායි අත්ත නෝ නාථෝ
කොහි නාතෝ පරෝසියා"

"නානත්ථ කායා නානත්ථ සංඥා"

^සූ

බිය

මා ප්‍රිය මිත්‍රවරුනි,

ඔබට, මට ඇත්තේ
සියල්ලම අහිමි වේයැයි
ඇති බියයි.
අප නැතිකර ගත යුත්තේද
එයයි...!

^සූ

Tuesday, October 28, 2014

වියළි කතරට..!

වියළි කතරට වැටෙන පින්නට
පවා මිහිකත ආදරෙයි
නැගුණු සරතැස හමන සීතල
මද නළින්මුත් නිවාලයි

රිදවන්න නොහැකියෙන්..!

රිදවන්න නොහැකියෙන්
ඔබේ හිත වදනකින්
ඉවසා උනිමි
බොහෝ දේ
අප වටා සිදුවන
ඔබ ගියා නිදහසේ
ඔබට රිසි ලෝකය සොයන්

Thursday, October 23, 2014

වැස්ස.....



මහා ගර්ජන
හඬට බියවී
බිඳුණදෝ හිත
සැනසුම
අඬනවා නුඹ

ගිනි

පොළොව
බෙරිවෙන්න
වැස්සද
නොනිවෙන
හිතේ ගිනි

^සූ

Wednesday, October 22, 2014

පිළිහුඩු සහ මාළුවෝ

ඉහළ යන වේගයෙන්
දියමත පතිතවන
පිළිහුඩු
දඩයක්කාරයෝ
.
.

Tuesday, October 21, 2014

උදෑසන..!

අපට නොහැඟෙන
අපට නොදැනෙන
බසින්
අප නොලී  කවි
අප නොදත් කවි
ඔවුන් ගයති
මිහිරි හඬින්
වසන්තයේ සුවඳ
මල් පිපි
අතු පතර සිට

Monday, October 13, 2014

මම මලක් ඔබ ගලක් නිසා ..!


ඉවතලන කුසුමක්ව
එක්වෙන්න අතීතෙට
මමත් කොතරම්
අසරණද අද

තමන් සතු සියලු
දිය පිරිනමා

ගුරු දෙවියෝ ..!


රළු මුත්
වැලි කරදහි

මල්..!

පොදුවේ සියල්ල මල්ය
පියල්ලෙන් පියල්ල
ගලවා
අලවා සුමට පිටුමත

මියයන්න අවැසිමයි ප්‍රේමය..!

මියයන්න
අවැසිමයි ප්‍රේමය...
අහිමි වුව
ඉවතලනු නොහැකිය

කෝල මදහසින්

සඳ එන්න ..!

සඳ එන්න
මා සමඟ
මේ නිශා යාමයයි
පිනි වැටුණු නිල් තණපත්
මත වැතිර මදක් ඉමු

බූමරංගයක් මෙනි..!

වෙර යොදා ඈතට
වීසිකොට අනෙක්පස
හැරුණු පසු
උපමාවක් නැති කතාවක්
බැඳීමක් නැති ආදරයක්

Noindul Na Dalu-Suranga Lakmal

Nupearachchi from Studio O-vocal | Suranga Lakmal-Music | Dharshana Jayanath- Lyrics | Nuwan Thotawaththa-Video Production_studio O/pasindu/ED_Q Production
....
Staring | Suranga Lakmal , Omaya Fernando , Dinali Chamlka 



https://www.youtube.com/watch?v=W_ZSecG4Lcs 

පිස්සෙක්.....!!!



උඹල
සේරටම
පිස්සු.
වචන අමතක කර
කතා කරන මිනිස්සු
සරුව පිත්තල
ජීවිත තුළ සිරව
නොපුරන්න සිතුවත්
ආදරේ පෙරුමන්
ඉඩදෙන්නෙ නෑ ඉන්න
නොබලාම දෙනුවන්

තනිකම..!

ආවාද ගියාද
කීදෙනෙක් ජීවිතේට
ඒ හැම වරම
ඒ අයට ඉඩදී
පසෙකින් සිටියා ඔබ

එනතුරා මිතුරේ ...!

සියොතුනේ ගී
ගයන්නේ ඇයි
ඈ නොමැත නෙත් මානයේ
මූදු හතකින් ඈත ගොස්
ඈ නැවත මෙහි එන්නට නොවේ
දුක් දෙන්න ඇති
හුඟක්
පෙර කලෙක
සමනල,
මී මැසි, බමරුන්

නිදහස ....!!


එක ‍රැයින්
අහසින් වැටෙන්නේ
නැත
සේපාලිකා මල්
නෙළන්නේ නැත
වැටුණු මල්
පුදනවා මිස..

ආශ්චර්යයයි... ආසියාවේ ආශ්චර්යයයි......!

දසතින් උතුරා ගලන්නේද
සෑම මුහුණකම පෙනෙන්නේද
මහතොටද , බසයේද , පදික වේදිකාවේද
බත් පතේද , පසුම්බියේද , තේ කෝප්පයේද
පාස්ලේද, ආයතනයේද, උසාවියේද
පාර්ලිමේන්තුවේද, කෝච්චියේද
මහමගද,
අකුරු කළ මගේ
හැඟුම්
සිතිවිලි
ඔබේ ආත්මය
ස්පර්ශ කළෙහිද..?
මුවින් සිනාසුණු
වරදට
ඔබ
නිවෙනට 
දැවෙන 
නිවන නිවෙන
මගම යනෙන 
නොදැන නියම 
මගම දුවන 

අකාලේ විසිරෙන කැකුළු මල් ..!

ඈත මුහුදේ
‍රැළි පෙ‍රැළි පිස
හමන උඩු හුළඟට පෙමින්
තාලයට කවි ගීත ගයනා
නීල වැටකේ පඳුරකින්
එහා කළුවර අතරකින් එන
හීන් කෙඳිරිලි හඬක් ලෙංගතු
විරාමයකින් පසුව ඉකිබිඳුමක්ව
හදවත පාරවයි....

Kathaakarana heenayak

My New Music Video - Kathakarana Heena athare 
- Eranga With Eranda Niwarthana Dinesh Tharanga II Piumi Hansamali Madhuni Pavithri NanayakkaraNanayakkara

http://www.youtube.com/watch?v=QTMj2wQrVs4
ඔබේ කඳුළට
මගේ සිනහව
හුවමාරු කළ
ගනුදෙනුවක්
විය
ඇති සියලු වෙරදරා
පීදුවෙමි මල්
ලස්සන..
පිනි බිඳකි මා
‍රැයේ මල් මත පතිත
හිරු වඩින තෙක්
පමණක්
ඇගෙ සිනාවේ
දුන් ඉනාවට
ගොනාවේ

ඈ...!


පට්ටයි
ටිකක්
කෙට්‍ටුයි
ආදරෙත්
සිගරට් වැනිය
බලපෑම
වෙදැඟිල්ලේ සිරවූ
මගුල් මුදුව 
තරම්වත් 

පමා නැත විමුක්තිය


මරු තුරුළු කර
ගෙවන ජීවිත
සැණෙන් බි‍ඳෙනා
දිය බුබුලු මෙන
එහෙව් ලෝකෙක
අනුන් පාග
ලබන ජයකින්
කුමක් ලබමුද..?

පොරිමෙන් පිපිර
විසිරුණි
මා ඔබ කෙරෙහි තැබූ
විශ්වාසය..

Sunday, October 12, 2014

ප්‍රේත වත්තු..!


ප්‍රේත වත්තු
පින්තූරයක් නොපෙනෙන
අදෘශ්‍යමාන භූත ප්‍රේත
ප්‍රොෆයිල්
නෙළාගෙන අතට ගත්
මලක් විගසින් පරව යන බව
දැන දැනම ඒ මල නෙළා.
ඈත හිමගිර
මුදුණෙ පායපු
පහන් තරුවට
පෙම් කළා මම
නිල් දෑස පෙන්නලා
ආදරෙන් හිනැහිලා
ඔබ එවපු
ආදරේ දඟ පන්දුවට

ආදරය.......!!!


හරියාකාර පන්දුවකට
දැවී ගියානම්
දුක නෑ..
ඒත්

මෙරු..!

හිටි හැටියෙ කාලෙකට
පියඹා විත්
සියොළඟම වසාගෙන
නොසන්සුන් කර

වෙසක් සඳ නැග එන්න..!

වෙසක් සඳ නැග එන්න
තවත් ටික කාලයයි
වසන්තය ගේ අවට
මටම ඔච්චම් කරයි
පමණට වැඩි
කෑමද
පමණට වැඩි
බීමද
බෝ ගසක් උව
නියමිත තැන
නොතිබ්බෝත්
එහිවටිනාකමක් නැත.
මා විනිවිද දකින්න
ඔබට
තියුණු ඇසක්
උවමනාය
මතුපිටින් ඔබ දකින
මා

Saturday, October 11, 2014

සැළලිහිණිය මියුරු හඬින් ..!


සැළලිහිණිය මියුරු හඬින්
ගයනා ගීයක ස්වරයෙන්
හීන් හඬින් සවන් අතර
‍රැව් දෙන ඔබ මියුරු වදන්

සීතල මේ රාත්‍රිය


සීතල මේ රාත්‍රිය
උණුසුම් වේවී
නොයිවසිලිමත් මගේ සිත
රස තැන් සොයයි
ඔබ සිරුරමත
නිවාලන්න රාග ගින්න
තවත් ඉවසුම් නොදෙන
යලි එතැයි බලා 
නෙතු පිය නොසලා
කල් පයක් ගියා ගෙවිලා
නෙත් පියන් වසා 
මද නළක් වෙලා 
මටම කියා ඔය ඇස්දෙක 
සන්තකකර දෙන්න
තව හිතකට හීනෙන්වත් 
එපා මග කියන්න

නිහඬ ගමනට මාත් එක්කම..!


නිහඬ ගමනට මාත් එක්කම
යන්න එනවද මියුලැසී
ඔබෙන් වෙන්වී යන්න නොහැකී
නොහඬා ඉනුමැන පෙම්බරී
අවසාන විනිශ්චයේදී 
භාග්‍යවතුන් වන්නට 
අපි සැමදාම 
දුක්විඳින්නෝය.

^සූ

වහා පිළිතුරු උවමනාය....!



මැවුම්කාර දෙවියන්ගෙන්
වූ අසාධාරණයට
වගකිව යුත්තෝ කවරහුද
දෙවියන්ට වුව
හිතුමතේ කටයුතු කිරීමට
ඉඩදිය නොහැක

නෙත් පියවූවාට..!


නෙත් පියවූවාට
නිදි නොමැති කමට
වරද ඔබ අත නොව.
හැඟීමක සරල බව
වටහාගත නොහැකි
සිතකට ප්‍රේමය කාන්දුවීම
කෙතරම් අරුමයක්ද...

මිහිර..!

වැහි වහිනකොට 
මල් මල් කුඩය යට 
එක පෙළට අපි 
පියවර තබා ...
යනවිටදි මගෙ 
හිත පෙම් පුරනවා

බඹරු ..!

පෙති තලන රොන් උරන
බඹරු ඇතුවා සේම
තටු සිඳින දිවිනසන
මලුත් ඔය'තර තියෙනවා

නොලී පද ..!

නොලී පද දස දහක් යලි යලි 
ඔබේ සිත තුළ මා කියූ
මුවින් දෙනෙතින් නොකී මේ පෙම
ම'හද රහසින් කිති කැවූ

ඔබ තුළම දියවී ..!


ඔබ තුළම දියවී
මියැදෙන්න බලා සිටියා
සුසුම් අහුරක් මිටකට අරන්
හද මතම තියන් හිටියා
නෙතු පියා නිදා සිටියා
ඔබ හෙමින් හෙමින්
මා කෙරෙන් ගියා නොකියා

Heena Piri Aakase

Heenapiri Akasaye - Dinesh Tharanga & Nilupuli Dilhara
Artist - Dinesh Tharanga & Nilupuli Dilhara Lyrics - Lakshman Nayanakantha Music - Ananda Waidyase...

  http://fmderana.lk/index.php?video_id=665

ඔබ නමින් මා ..!


ඔබ නමින් මා
කවි ලියන්නේ නැත
ඔබ නමින් මා
ගී ලියන්නේද නැත
ඔබ නමින් ලිවිය හැකි

නොලී කවියට තාලයක්..!


නොලී කවියට තාලයක් මම
කියන්නේ කොහොමද
උපන් සෙනෙහස
හදේ ගුලිකර හිඳින්නේ කෙලෙසද
ඈත දුර සිට ඔබේ සෙනෙහස
විඳින්නට බැරුවද
මට දුකක් යැයි කියා ඔබ මා
අතැර දුර යනවද

වර්ණයක් නැති ජීවිතේ ...!


වර්ණයක් නැති ජීවිතේ
නැවතුමක් නැති ජීවිතේ
හැපී නවතින තෙක් කොහේ හෝ
පාවයන නිල් වලාකුළක් සේ
අපි ඔහේ යනවා......

Kawruth Nowe....


artists: Amila Nadeeshani & Steve Angelo 

http://www.youtube.com/watch?v=OSiGH32hyI8&feature=share

කාත් කවුරුවත් නැතිව මගේ ළඟ..!


කාත් කවුරුවත් නැතිව මගේ ළඟ
මාත් මගේ හිතත්
තැවි තැවි උන්නා
හදිස්සියෙන් නුඹ මට හමුවුණ දින
ඝණඳුරු මැද සඳ
විලසින් දිලුණා

පායන්නෙ දේදුන්න ..!


පායන්නෙ දේදුන්න
අපටත් උඩින්
ඉගිලෙන්න මට ඕන
ඊටත් උඩින්
ඔබ ඉන්නෙ මා ළඟින්
සුසුමක් දුරින්
කොපුලකට දැනෙනවා
උණුසුම් සුසුම්

පුරහඳ එලිය වැටී ..!


පුරහඳ එලිය වැටී
දිළිසෙන ඔබේ ඇස් දෙක
කිංකිනි හඬ පරදන
මද මුදු සිනාකැන් පොද
අරගෙන දෝත පුරා
සෙහෙහස පිරුණු පෙම් හිත
නැවතී සසර පුරා
හිඳින්න එන්නෙ කවදද...

අමාවක...!!!


හඳටත්
දැනී ඇත
කිරිපිටි
හිඟය


^සූ
කිරිත් නැත 
සඳ දියත් නැත
පිටි හිඟ හෙයින් 
අද
පුර හඳත් 
අමාවකයි....!!

^සූ

හිත රිදෙන දුක දැනෙන ..!


හිත රිදෙන දුක දැනෙන
හතිවැටෙන ආදරේ
මට දැනෙන හද ගැහෙන
දුක් විඳින ආදරේ

එතෙර ගිය හිමියන්ට...!


නිදි නොමැති තනි යහන
මත පිපෙන රෑ හීන
එලි නොවනවා සේම
දුකම පමණකි ගේන

උත්පලා..!


විහඟ ගීතය
නිහඬ කළ ඔබ
ඔබෙ හඬින් උන් මත් කළා
පහන් සිළ ලෙස
නිවී ගොස් අද
මේ ලොවේ මා තනිකළා

ඔබේ කටහඬ යලිත් නෑ හෙට
සියොත් කැළ අසරණ වෙලා
යලිත් කා සමඟින් දොඩන්නද
මා මුවත් ඔබ ගොළු කළා

අකාලේ පරවෙන්න මෙලෙසට
කිම පිපුණෙ නුඹ උත්පලා....

^සූ
ඔබ සැතපුණ 
හද යහන 
තාම හිස්
ඒත් 
වෙන කෙනෙකුට
ඉඩ එහි නැත..!!

^සූ

හෙන්දිරික්ක මල් පිපේවි ..!


හෙන්දිරික්ක මල් පිපේවි
කහ පාටට රතු පාටට
සියොතුන් ගී නාද දේවි
මිහිරි හඬින් හෙමින් හෙමින්
සැඳෑ ඉරත් බැහැල යාවි
ලොවි පාටින් අවර දිගින්
මා නුඹෙ සුවඳම සොයාවි
හමනා මද නළ අතරින්

මේ තරම් රෑ අහසෙ ..!

මේ තරම් රෑ අහසෙ 
තාරුකා පිපුණාට
මට අයිති මගෙ තරුව 
නොපිපුණේ ඇයි තාම

අප්‍රකාශිත ප්‍රේමය

අප්‍රකාශිත ප්‍රේමය 
නොවටීද 
පුන පුනා පවසන 
ඊනියා පෙමකට වඩා

නාමල් සුවඳ රැඳි ලවනත මනහාර..!


නාමල් සුවඳ රැඳි ලවනත මනහාර
අම මී සුවය දෙන තෙපුලෙන් ලංකාර
මදහස නගන නුවනග මොහොතක් නෑර
පුර හඳ පරදවන මුදු මුව පින්සාර

පිපි කමලේ රුව සුදිලේ සැලේ පෙතී
රන මුහුළේ වැද සුළඟේ රඟයි ඒතී
මිණි මෙවුලේ සුව නොකලේ ලබනු සිතී
බමර කැළේ මත් බමරෙක් තැවෙයි නිතී

^සූ

මුණගැහුණු මුල් දවසෙ .!


මුණගැහුණු මුල් දවසෙ
දු‍ටුවාද දේදුන්න
රොන් පිරුණු සුවඳ මල්
අතවැනුවෙ මට එන්න
ඔබෙ සුරත අරගත්තෙ
හුඳක්දුර මම යන්න
එහෙත් අද දොස් නගන
වරද මට පවසන්න

පෙම්වන්ත නෙත් අතර ...!

පෙම්වන්ත නෙත් අතර 
අතරමං වූ විටෙක
ජීවිතය දෝතින්ම
පුද කළා මං

ඔබෙ සුමුදු සුරතමත
සුරත එකිනෙක බැඳන්
මගෙ ලොවම ඔබනමින් 
වෙන් කළා මං

ආදරයට වසර 
හතරයි
අදින් එය ඉවරයි
එතැන් සිට 
පුස් වෙඩිද 
වෙඩිය
වැඩ නැතත්
හඬ ඇති 
ඒවාද 
වැඩය

^සූ
මෙතැනින් 
නවතිමි 
දිසි දෑ ද 
අදිසි දෑ ද
නවතමි....

දෙනෙත් මත තියා...!

දෙනෙත් මත තියා
‍රැක ගත් නොහැකි වුණි ඔයා
මා ඔහේ ගියා
පෙම සුළඟට ගසා ගියා
මලින් මලට පියඹායන
බමරෙකුයි කියා
දැන දැනම ඔයා
මාතුළ දිය වෙලා ගියා

ඉර හඳට ගහකොළට..!

ඉර හඳට ගහකොළට
ගල් පවුරු වැව් වලට 
දුක කියන කොට හිතට
නිදහසක් දැනෙනවා

මම නුඹට ඔය හිතට
පෙම් කතා කියනකොට
ඔබ අහන් උන්නු හැටි 
තාම මට පෙනෙනවා

එන දුරුත්තට කලින්..!


එන දුරුත්තට කලින්
නුඹව කැන්දන් යන්න
හිතම පිරියම් කරල
කැඩුණු තැන් හැදුවා...

බිඳුණු මුලු හිත පුරා
සායම් අහුරුගා
පලුදුවූ තැන්
වැහුවා
හංගන්න හැදුවා...

ඉරිසියාවෙන් සමුදෙමි ...

ඉරිසියාවෙන් 
සමුදෙමි ...
ඉන්පසු
ඔයා පතන 
ආදරයක් 
හමුවේවි
නොදැක ඇරඹී
දුරස්ව පෙම්කොට
හේතුවක් නොකියාම ගොස්
නොදැකම හැරගිය
ආත්මීය
ආදරය
හිල්වෙච්චි පෙනහැලියි
දම් වෙච්චි තොල් පෙතියි
ඉදිමිච්ච වකුගඩුයි
කියන්නෙ
තනිය පාළුව
අපට උරුමය
ජීවිතය ගෙවෙනා තුරා
සිතට අවනත
අයෙක්

කඩා වැටෙන්න මා මත..!

කඩා වැටෙන්න
මා මත
මා යට කොට
ගිලගන්න මා
බිඳක්වත්
ඉතිරි නොකොට
උරාගන්න මා ජීවය
පුරවන්න ඔබේ
සෙනෙහසින්
බැඳලන්න
සෙනේහයෙන්
සිරකරන්න ඔබේ
සුසුමින්

ඔබෙ සුසුම් ..!

ඔබෙ සුසුම්
හැපි හැපී
තුරුලුවී සිටි ‍රැයක්
අපරිමිත සෙනෙහසක්
සිත් පුරා විඳි ‍රැයක්

නිසල දිය පිරි..!

නිසල දිය පිරි
සුනිල විලකිය
එහෙත් ගැඹුරුය
භයංකාරය
සුවඳ විහිදන
නෙලුම් පිබිදුව
නමුදු පතුලෙහි
කළල් ගොහොරුය

ප්‍රේමයක් හමුවෙන දිනක්..!

දෑස විනිවිද දකින්නට හැකි
ආලයක් හමු වෙන දිනක්
හදින් හදකට කතා කළ හැකි
ප්‍රේමයක් හමුවෙන දිනක්
සොයා දින සති මාස ගෙවමින්

කරුමයක අරුමය...!!!


ඔබ කාන්දමක්
මම අලෝහයක්
කොතරම්
ලංවූවත්
ඔබට නො ඇලෙන

^සූ

නූතන යසෝදරා වත ....!

හතර පෙරනිමිති
හතරවටින්
කලක හිටන් මට පෙනුණට
පස්මහ බැළුම් උඹ
බලන බව දැනුණෙ නෑ
පුර පෝය දවසට
පස්සෙ දොහේ

නෙත් කෙවෙනි මත..!

නෙත් කෙවෙනි මත
නලියයි
තවමත් කඳුළු කැට..
දෑස ඉදිමී
රිදුම් දෙයි හිස..
ඉහිලුම් නොදෙන
වේදනාවෙන්
දැවෙයි මා
සිරුර තුළ..
තියුණු තුඩුවලින්
අනින්නාක්මෙන්
රිදුම් දෙයි,

ටිකක් පරණයි
ඒත් තරුණයි
තාම බොරු නයි
හොඳට හඳුනයි...


^සූ

ඉරහඳ ඉල්ලා මා නොහැඬූවෙමි.....


ඉරහඳ ඉල්ලා මා නොහැඬූවෙමි
සෙනෙහස පමණකි අවැසි වුණේ
ඔබෙ අත අල්ලා දසත සැරූවෙමි
මතකය පමණකි ඉතිරි වුණේ

ගහකොළ මල් වල හමන සුළං රළ
සෙනෙහස ‍රැඳි බව
ඔබමයි පෙරදා මට කීවේ

හැඟුම් ...!!!!


අඩ දෙනෙත් බරවෙලා
මත් බවින් උතුරලා
මා සිතත් කැළඹිලා
ඔබේ නෙත් දෙසබලා
බලන බැල්මට නුඹේ
මාද කුල්මත් වෙලා.....

අඩ අඳුරු කුටිය තුළ
උණුහුමට ගුලිවෙන්න
එමි තිමිර පට ඉරා
පැටි හංස තිඹිරි යුග
දෑස, මන මත් කළා...


ඔබ...!!


රාත්‍රිය වන්න
රිදුම් දෙන හදට
විරාමය කැන්දන..
සහන් එලියක් වන්න
දැඩි අඳුර දුරු කරන..
තනිතරුව වෙන්න
පෑල දිග නුබ කුසට
පෙම්බඳින..

"ශ්‍රී සිද්ධාර්ථ"


අඩ අඳුර තුළ
සුමුදු දෙතොලක
සුවඳ කෙසක
සුසුම් පොදක
මුදු තිඹිරි
යුවල'තර
පසක් කර
සත්‍යය
අත් හැර
දුක් වේදනා
දුක් දෙන
අතීතය
අබිනික්මන් කළෙමි

Tuesday, September 17, 2013

තාම මතක ඇත රඟදුන් දේදුනු ඇහි බැම....!!!!

අඳුර දවා රැය එලි කළ ඔබේ නීල නෙත්
පහන් තාරුකාවක් සේ මසිත ලැගුම් ගත්
මිහිරි හඬින් පිනවන්නට මගේ සවන් පත්
කව් සිළුමිණ ඔබයි ළඳුනි මසිත සොරා ගත්

පාළු අඳුරු නිල් අහසක පායා මේ රැයේ
සහන් එලිය රැගෙන වඩිනු ලොවම නිදන පැයේ
කෝල කමින් දැවටි දැවටි හිඳිමින් මා ළයේ
සෝක තැවුල් නිවාලන්න වඩින්න සුර ළියේ 

වීණා ...... හඬවන්න මහද වීණා.....

වීණා ...... හඬවන්න
මහද වීණා.....
මියුරු තත් සර සෙමින් පිරිමැද
කම්පනය කර රාව නංවන්න
දෙයත් ‍රැහැනෙන් බදා
වීණා... හඬවන්න
මහද වීණා...

පිරි මඳින මා සොඳුරු සිතුවිලි
කොමල අතැඟිලි ඔබේ
හෙමි හෙමින් හෙමි හෙමින් කැළතෙයි
ප්‍රමුදිතයි සිත මගේ
මුතු වැලක් සේ එකට අමුණා
වීණා ... හඬවන්න .... වීණා

Sunday, August 25, 2013

...

.
උණ්ඩයකට
තියුණු සැතකට
මා හඬ
නිහඬ කළ
හැකිය
කිසියම්ම මොහොතක
මා ලෝකයාට
සැඟවිය හැකිය....

එහෙත් ...!!

සත්‍යයේ හඬ
කිසිදා නොනවතින්නේය..
තාවකාලිකව
යටපත් කළ හැකිමුත්
නැවතිය නොහැකිය..

ඔබේ ආදරේ...


පිනි කැටයක් වගේ
ඔබේ ආදරේ ...
සැඟවිලා යනවා
දිය ‍රැලි වගේ
ඔබේ ආදරේ
වැලි පිස මකා ... යනවා...

ඔබේ නෙත් ගැටී ඔහු හා ඔබේ
ඔහු හා බැඳී යනවා
නෙතු පියවසා සුරතින් මගේ
බොඳ නෙත් වසා ඉමි මා

රමණය කළෙමි....

මා කීපවිටක්
ඈ සමඟ
රමණය කළෙමි
වෙරළේ , ගෙවත්තේ
නිදන කාමරයේ
කුස්සියේ පාවා
රමණය කළෙමි
ලන්ඩනයේ, පැරීසියේ
චීනයේ රුසියාවේ
අඳුරු අහුමුලු වල
මහත් අභිරුචියෙන්
රමණය කලෙමි.

මලින් දුමින් පිදෙමි...!!!


සැහැල්ලුව
පියාසලමි
වලාකුළක සැතපෙමි
පිනි පොදකින්
පවස නිවා ගමි
අනන්ත අහසේ
සැරිසරමි
ගිරි හෙල්ද
වනමල්ද මවමි
අනන්ත වූ අවකාශයේ
ඈතට ඈතට
දුවමි

රත් වන් නෙලුමක සුදුමැලිව මිය යෑම......!!!


බදා මා ගත වෙලා
සෙනෙහස් ‍රැහැනින්
සිරකොට
ඉර මුදුන් වූ
කට්ට අව්වේ
සි‍ටුවා මා
ජීවිතේ අතර මග
බල නහරය
කැපූ ඔබෙ ආදරය...

මග බලා සිටිමි .....!!!


දිගුකරමි
ජීවිතේ දෑත
මරණය දෙසට
වහා මා වැළඳගන්න
විඳින්නට අවැසි
ඔබේ සෙනෙහස පමණි,
හැපී ගැටී ප්‍රේමයේ
ගල් මුල් බාධක මත
හති ලමි සුසුම් ලමි
වේදනාවෙන්

ප්‍රතිබිම්භයක් තුළින්.....


මලකින් (ම)
මලකට (ම)

එ' මලින් (එ)
මලකට (ම)

...

තරණයට මහ කඳු
අවැසිය දිරි වැඩූ
සිට කඳුළින් හැඬූ
දනන් වැනසෙයි

විලවුන් සුවඳ ...


හාර හාරා මතකයේ
අහුමුලු අවුස්සා
කැන්දයි
අතීතය...
ඉඳික‍ටු තුඩු මත
තැබූ හදවත
හඬ නගයි
මහ හඬින් ලබ් ඩබ්..
නැගුණු මතකය
කැටිකොට
හෙලන්නට
වෙරදරයි බිමට,
බරවූ නියා
දෙනෙත...

පෙම...

ක්ෂිතිජ ඉම නෙත් රඳවලා
සහස් පෙම් බස් කොඳුරලා
නැගෙන රළ ලෙස නැගුණ පෙම්සිත
කිරි සිනා මුව රඳවලා
ඉසුරු ගල් පරුවත වෙලා
සෝ සුළං ‍රැළි මුහුවෙලා

ඇහි පිල්ලමක් උඩ ....


ඇහි පිල්ලමක් උඩ
නවතින්න
ඉඩ දෙන්න
ඔබෙ දෙතොල්
මත හැපී
මිය යන්න
ඉඩ දෙන්න

නුඹ යද්දි........!!


ගිනි ගහන ආදරය දෑස් මත දැල් වෙද්දි
දේදුන්න ඇහි දෙබැමයට නුවන් දැවටෙද්දි
පෙරපුරුදු හුරු ගතිය සිත පුරා දැවටෙද්දි
පුංචි රිදුමක් හිතේ ඇතිවුණා නුඹ යද්දි

ඉකි බිඳින දුක් හඬක් සවනතේ දැවටෙද්දි
නුඹ නෙවෙයි ඒ හිතයි හඬ නැගුණෙ නුඹ යද්දි