Saturday, October 11, 2014

පෙම්වන්ත නෙත් අතර ...!

පෙම්වන්ත නෙත් අතර 
අතරමං වූ විටෙක
ජීවිතය දෝතින්ම
පුද කළා මං

ඔබෙ සුමුදු සුරතමත
සුරත එකිනෙක බැඳන්
මගෙ ලොවම ඔබනමින් 
වෙන් කළා මං

සුවඳ කෙහෙ‍රැල් අතර
සුසුම් සුවඳට බැන්ද
ආල හිත ළඟ තවත්
දැව‍ටුණා මං

කල්ප ගණනක් තවත්
ඔබ ළඟම නවතින්න
හැමදාම මග බලන්
ඉන්නවා මං

^සූ

No comments:

Post a Comment

hi