ඉඩක් දෙන්න මට හිතන්න
මටත් අවැසී ජීවිතේ
වසන්තය මල් මකරන්ද අරගෙන
සිහිල් සුළඟත් සමඟ ඒවී
ඔබ එන්න මුදු සිනා පිපෙන
අලුත් සෙනෙහස අරන්
රීඩ් මාවත දිගේ පටලන්
එකින් එක අතිනත අරන්
ඇවිද යමු මැයි , මාර ගස් සෙවනේ
අපත් පසුකර නේක විලසින්
තවත් අය යන හැටි බලන්
මිහිරේ
පයින් යමු අපි අනන්තය තෙක්
විඩාඇති මුත් සිතින් ඉවසා
ප්‍රේමයේ ජය ටැඹ ළඟයි
විසල් තුරුගොමු , සයුරු ,නිම් තෙර
ප්‍රේම සැමරුම් කුමකටද
සිහින ලොව තුළ තනන මාලිග
ආලයට කිම
බැස බිමට සඳළුතලයෙන්
අවදිවී පෙම් ස්වප්නයෙන්
ජීවිතය දෙස දෙනැත් හැර අපි
බලමු පිසදා මනෝරාජිත
ලෝකයම දෙනෙතින්
පානගමු අපි ගල් බොරළු පිරි
මාවතේ දැනෙන විලසින් ජීවිතේ
^සූ
මටත් අවැසී ජීවිතේ
වසන්තය මල් මකරන්ද අරගෙන
සිහිල් සුළඟත් සමඟ ඒවී
ඔබ එන්න මුදු සිනා පිපෙන
අලුත් සෙනෙහස අරන්
රීඩ් මාවත දිගේ පටලන්
එකින් එක අතිනත අරන්
ඇවිද යමු මැයි , මාර ගස් සෙවනේ
අපත් පසුකර නේක විලසින්
තවත් අය යන හැටි බලන්
මිහිරේ
පයින් යමු අපි අනන්තය තෙක්
විඩාඇති මුත් සිතින් ඉවසා
ප්‍රේමයේ ජය ටැඹ ළඟයි
විසල් තුරුගොමු , සයුරු ,නිම් තෙර
ප්‍රේම සැමරුම් කුමකටද
සිහින ලොව තුළ තනන මාලිග
ආලයට කිම
බැස බිමට සඳළුතලයෙන්
අවදිවී පෙම් ස්වප්නයෙන්
ජීවිතය දෙස දෙනැත් හැර අපි
බලමු පිසදා මනෝරාජිත
ලෝකයම දෙනෙතින්
පානගමු අපි ගල් බොරළු පිරි
මාවතේ දැනෙන විලසින් ජීවිතේ
^සූ
No comments:
Post a Comment
hi