Sunday, December 9, 2012

මධු සමය...



වළා පෙළ යහන මත හිස ගසාවියේ
මුවාවෙලා පුන්සඳ සතපවා ළයේ
නවා දෙදණ වැලපී ඉකි ගසා ‍රැයේ
සමා මගෙන් නොයදින් මා ප්‍රියා වියේ

සොයා කුමර බමරුන් වන විමානයේ
නගා දෙපිය පියමැන වී ප්‍රමෝදයේ
නොයා යනෙන මග වැරදී විලාපයේ
ඉතින් තවත් නොහඬන් දේවතාවියේ


උදාහිරට සමුදී සිත් ළසෝගයේ
සිනා නගා සතුටින් වී විරාමයේ
එදා දු‍ටුව විලසින් සැම පිනාවියේ
වඩා දිරිය පෙරමග එනු කුමාරියේ

ඉඳුල් නොවූ පැන්තොට නොම සොයා යමී
පහන් සිතින් දුන් හද පහදවා ළමී
පමාවුව වරද ඇත නැත සමාවෙමී
ප්‍රියාවෙනි විඳිමු යුග මග අමා එමී

දු‍ටුව ළඳට සිත් නොබඳිමි සළෙල සිතින්
සළෙල අරුම වරුණක් නැත දනිමි ඉතින්
තියා නොම ඉඩක් හෙළනට කඳුළු නෙතින්
නගා පිය මවෙත ආ ඔබ රකිමි නිතින්

No comments:

Post a Comment

hi