මගේ සිත් ආකාසෙ වැහි වලා පිරෙනවා
මහහඬින් අඬන්නට සැරසෙන්න හදනවා
සැඩ සුළං වේගයෙන් හද පුරා හමනවා
ඒත් මං දේදුන්නෙ පාට හත ගනිනවා
නෙකපාට දුර ඈත ආකාසෙ දිළෙනවා
මතක සැමරුම් අතර දෑස් බොඳ කෙරෙනවා
හිත පුපුරු ගහනවා සියොළඟම දැවෙනවා
ඒත් මං යලි යලිත් හිනැහෙන්න හදනවා
දුර පාළු මාවතක ඔහේ සැරි සරනවා
උණුහුමට දැවටිච්ච සුවඳ මට දැනෙනවා
ඔබේ මුදු බඳ වටා මගෙ දෑත වෙළෙනවා
කඳුළු හීතල වැටෙන, සිහින ලොව බිඳිනවා
ගිය ආපු සැම තැනම ඔබ ඇතැයි සිතෙනවා
මා අතර මග තාම නුඹ කොහෙද සොයනවා
කිසිදාක ලංනොවන මිරිඟුවකි හැඟෙනවා
කොහෙදි හෝ හමුවෙන්න සිත පෙරුම් පුරනවා.