Sunday, December 9, 2012

ළඳක් දු‍ටුවෙමි ගසක් මුදුණේ.....



වානු කෙලෙස දු‍ටු සඳ, අරුමෙකි දැනුණේ
ලේනු නොව, රුවට ළඳකිය ගහ මුදුණේ
පානු පෙනේ පෙළහර ඇඳි වත ගුවනේ
රේණු නැති මලකි දෑසට මට පෙනුණේ

ලා රන් තිඹිරිය, සිප අතු පිපුණේ
රඹකඳ වන් දෙපයට කඳ බැදුණේ
නාබි වටොට සිප සිප බිම ඇදුණේ
දෙයියනෙ..! මේ ගස කිම මා නොවුණේ


අතුල් පතුල් සුමුදුය ඈ මොළකැටි
පෙර පින් මදි වුණිදෝ මා කර සිටි
දෙනෙතට නැග එයි උණු කඳුළැල් කැටි
අපට නොමැති සැප ගසකට ඇති හැටි


^සූ 

No comments:

Post a Comment

hi