Sunday, December 9, 2012

නැන්දයි..... ලේලියි.....



පෙරසිට පැවත එන
සිරිතට කාර බැඳගෙන
කැන්දා ගෙදර ගෙන
ලේලි ගෙන්වා රබන් ගහගෙන....

පුතුට දුන් පාවා
පෙර ඇගේ හොඳ කීවා
පසුව රොස් වූවා
නැන්ද ලේලිය රන්ඩුවූවා.....


පොරණ සිට ආවේ
වරද මතු වූවේ
විරසකය බෝවේ
හේතු මේකට කිමද ඇන්නෑවේ

ලේලි නැන්දට ගස්සයි
නැන්දට ඈ නුරුස්සයි
පොල්ලට ගත්තෙ කැත්තයි
ලෝක යුද්ධය පටන් ගත්තයි

දසමසක් හොවලා
අතපය නොකඩ හදලා
උන්නු පුතු රවටාලා
කියා නැන්දා හඬයි හැපිලා

ලේලිගේ මායම්
කියා කියමින් කේලම්
ගයා නෙක තාලම්
නැන්ද නටනව බහුරු කෝලම්

කිමද මේ අරුමේ
පරපුරින් එන උරුමේ
හේතුවද ? කරුමේ
නැන්ද ලේලිගෙ නොනිමි ගැ‍ටුමේ.....

No comments:

Post a Comment

hi