Saturday, October 11, 2014

මිහිර..!

වැහි වහිනකොට 
මල් මල් කුඩය යට 
එක පෙළට අපි 
පියවර තබා ...
යනවිටදි මගෙ 
හිත පෙම් පුරනවා

හිරිපොද ඉහෙනකොට 
තව ළංළංව මට 
පෙම් සුව විඳිනකොට
හුස්මක සුවඳ මගෙ
හිත කිතිකවනවා

මැයි ගස් සෙවණ යට
නැවතී මොහොතකට
තරු නෙත් දිලෙනකොට
දෙතොලක මිහිරි රස
සීතල මකනවා

^සූ

No comments:

Post a Comment

hi