Saturday, October 11, 2014

නිසල දිය පිරි..!

නිසල දිය පිරි
සුනිල විලකිය
එහෙත් ගැඹුරුය
භයංකාරය
සුවඳ විහිදන
නෙලුම් පිබිදුව
නමුදු පතුලෙහි
කළල් ගොහොරුය

පෙනෙන මානෙට
සිතද නතුවිය
නොපෙනෙනා
උවදුර වහන් විය
පිනන පිනවන
තරම් දෙනයන
එපමනින් සත්‍යය
දුරස් විය.....!!!!

^සූ 

No comments:

Post a Comment

hi