Monday, October 13, 2014

පමා නැත විමුක්තිය


මරු තුරුළු කර
ගෙවන ජීවිත
සැණෙන් බි‍ඳෙනා
දිය බුබුලු මෙන
එහෙව් ලෝකෙක
අනුන් පාග
ලබන ජයකින්
කුමක් ලබමුද..?



බි‍ඳෙන නැග එන
‍රැල්ල වාගෙම
එකට ගැලපෙන
දුක සතුට ගෙන
රඟන ‍රැඟුමට
තවත් කුමකට
හැංගි හැංගී
මුහුණු බැඳගෙන

නිමා නොකෙරෙන
ගමන කිසිදින
සිඩාවෙන් මිස
නැවතුමක් නැත

ඉඳින් හිතවත
යදම් බැඳගෙන
ගෙවන සිරගත
දිවිය කුමටද

ජීවිතේකින් ජීවිතේකට
යනෙන ගමනද
සිරගෙයක් හැර
සිරගෙයක් වෙත
යන ගමනකට
දෙවැනි නොම වෙත

වෙනස් වූවද
ගැලවුමක් වෙද ...?

තව පමා නැත
සොයන්නට හැක
ජීවමානය
විමුක්තිය තව

^සූ

No comments:

Post a Comment

hi