Saturday, October 11, 2014

සැළලිහිණිය මියුරු හඬින් ..!


සැළලිහිණිය මියුරු හඬින්
ගයනා ගීයක ස්වරයෙන්
හීන් හඬින් සවන් අතර
‍රැව් දෙන ඔබ මියුරු වදන්


පාන්දරින් මල් පිස එන
මද නළ සිහිලස ගනිමින්
සීන් දෙතොල් නාදලු පෙති
නළලත සිප ගත් සතුටින්

යාන්තමට නැගෙනහිරින්
පායා එන ළහිරු ලෙසින්
රන් සොබමන් පෙම් කැළුමන්
එබී බලනවා හැඟුමන්

^සූ

No comments:

Post a Comment

hi