Saturday, October 11, 2014

සීතල මේ රාත්‍රිය


සීතල මේ රාත්‍රිය
උණුසුම් වේවී
නොයිවසිලිමත් මගේ සිත
රස තැන් සොයයි
ඔබ සිරුරමත
නිවාලන්න රාග ගින්න
තවත් ඉවසුම් නොදෙන


රාත්‍රිය ‍රැකවල් ලාවි අපට
සඟවන්න ලෝකයෙන් අප
ගත පුරා විනිවිද යන ඔබේ සුසුම්
නෙත් නිලංකාරවන නෙත් කාන්තියෙන්
මුසපත් කරන්න මා...

දෙතොලින් දෙතොල වසා
උරා රසවිත මදින් මද
මත්වී රඟන්න පැටි තිසරුන්
ගැවසි ලැම විලෙහි
දෙන්න අවසර

‍රැගෙන යන්න ඔබ
සදෙව් ලොවෙනුත් ඔබ්බට
ඉඩ දෙන්න පිවිසෙන්න
රොනින් ගැවසීගත් තුණු විලට
රඟන්න මලෙවි කරලිය මත තුටින්
මුවින් කිව නොහැකි
වින්දනයට ඉඩදෙන්න.............

^සූ 

No comments:

Post a Comment

hi