Saturday, October 11, 2014

ඔබ තුළම දියවී ..!


ඔබ තුළම දියවී
මියැදෙන්න බලා සිටියා
සුසුම් අහුරක් මිටකට අරන්
හද මතම තියන් හිටියා
නෙතු පියා නිදා සිටියා
ඔබ හෙමින් හෙමින්
මා කෙරෙන් ගියා නොකියා


රෑ හීන වරා ඔබ කීවකතා
තව මතක පුරා ඇත උදේ හවා
මල් තුහින හොවා ගත රිදුම් දෙවා
මද සුළඟ පවා සිත දමයි දවා

මල් පාර මතින් තුරු වියන් යටින්
අපි දෑත් බැඳන්
එක ළඟින් ඉඳන්
උණුහුමට ගුලිවෙලා
දුර ඈත ඇවිද ගිය
හැටි හීනයක්ම වේවී..

රෑ හීන වරා ඔබ කීවකතා
තව මතක පුරා ඇත උදේ හවා
මල් තුහින හොවා ගත රිදුම් දෙවා
මද සුළඟ පවා සිත දමයි දවා

හෙට නැගෙන හිරෙන්
රන් තොරන් යටින් ඔහු
ඔබව ‍රැගෙන යාවී
පිනි බිඳක් වගේ
පෙම් පිරුණු සිතත්
මා මතක පොදත්
හිරු සමඟ දැවී යාවී

^සූ

No comments:

Post a Comment

hi