පුරහඳ එලිය වැටී
දිළිසෙන ඔබේ ඇස් දෙක
කිංකිනි හඬ පරදන
මද මුදු සිනාකැන් පොද
අරගෙන දෝත පුරා
සෙහෙහස පිරුණු පෙම් හිත
නැවතී සසර පුරා
හිඳින්න එන්නෙ කවදද...
නොයිඳුල් පරසතු මල
පිපිලා ඈත තුරු මත
බමරුන් පේලි ගැසී
සුවඳට එයි දිදී නද
ඒ හැමටම කලියෙන්
අවසර දෙන්න මට ඔබ
රොන්ගෙන පෙති තලලා
නොගිහින් ඉමි ඔබේ ළඟ
වැව් දිය මත වැටිලා
තරුමල් සිඹී දිය රළ
මද නළ ළඟට ඇවිත් මුමුණයි
හෙමින් ගී පද
මගෙ තුරුලටම වෙලා
හදවත නගන ඒ හඬ
නුඹ හට ඇහෙනවාද
නුඹටයි වැයෙන ඒ පද
^සූ
No comments:
Post a Comment
hi