එන දුරුත්තට කලින්
නුඹව කැන්දන් යන්න
හිතම පිරියම් කරල
කැඩුණු තැන් හැදුවා...
බිඳුණු මුලු හිත පුරා
සායම් අහුරුගා
පලුදුවූ තැන්
වැහුවා
හංගන්න හැදුවා...
එකකට පසුව එකක්
ඊට පසුව එකක්
දව දවා
දව දවා
සිගරට්‍ටු
නිවාගන්න සිත
මම වෙහෙස දැරුවා...
ගව්ගනන් ඇවිද ගොස්
තැනින් තෙන්
හතරවට
මා ඔබට දුන්නු හිත
සැඟව ගත්තේ කොහෙද
කියා මං හෙව්වා...
නොතේරෙන
මහබරක්
නොම හැඟෙන
මහ බරක්
බිඳෙන් බිඳ
හුස්ම හිර කෙරුවා
මගේ හිත මං තුළම
මැරුවා...
නුඹ........
ඒ අතර අත්මිදෙන
විමුක්තිය සෙව්වා
විමුක්තිය නුඹව සිරකෙරුවා
ඒ හැඟුම මා නැවත මැරුවා
වද දිදී මා නැවත මැරුවා
^සූ
No comments:
Post a Comment
hi